යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW:

චීනයේ ටියන්ජින් හී පැවත්වෙන ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලිය නියොජ්නය කරන හත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පස් දෙනෙකුම පළමු දිනයේ තරග වැදුණා.ඒ අතරින් චමෝද් යෝධසිංහ මූලික තරග සහ අවසාන පූර්ව තරග කඩඉම්වලින් සුදුසුකම් ලබා මීටර් 60 අවසාන තරගයේදී තත්පර 6.74 ක කාලයක් වැය කරමින් ආසියාවේ හත්වැන්නා ලෙස තරගය නිමා කරන්නට සමත් වුණා.


ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතුරුව සිටින මධුශිකා හේරත් තුන් පිම්ම ඉසව්වටත්,මෙත්මි විජේසූරිය මීටර් 3000 තරගයටත් අද සහභාගි වීමට නියමිතව තිබෙනවා.මධුශිකා කාන්තා දුර පැනීම ඉසව්වත් නියෝජනය කිරීමට නියමිත අතර හෙට එම ඉසව්ව පැවත්වෙනවා.


පළමු දිනය වූ ඊයේ පසුවරුවේ පැවති තරගවලදී උස පැනීම ඉසව්ව නියෝජනය කළ තරිඳු සමරවීරට සුපුරුදු දස්කම් අතරට ඒමට නොලැබුණු අතර ඔහුට ඉක්මවා යාමට හැකි වූයේ මීටර් 2.05 ක් පමණයි.මීටර් 60 පිරිමි තරගයේ දී ආසියාවේ හත්වැන්නා වූ චමෝද් යෝධසිංහ මූලික තරගවලදී පස්වැනි ස්ථානය ලබා ගෙන අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ඔහු සහභාගි වූ අවසාන පූර්ව තරගයේදී තත්පර 6.69 ක දක්ෂතාවයක් පෙන්වා සිව්වැන්නා වෙමින් වාර්තා කළ කාලය අනුව අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.


මේ සියල්ල අතර ගෘහස්ත පරිසරයක තරඟ වැදුණ ද ටියන්ජින් අද දවසේ කාලගුණ තත්ත්වය පෙන්වන්නේ ද සෙල්සියස් අංශක 2-8 අතර පවතින ශිතල තත්ත්වයක්.මේ නුහුරු තරග වැදමේ පාරිසරික කාරණාවන් මෙන්ම ආගන්තුක ගෘහස්ථ ධාවන පථයක සහ ක්‍රීඩා බිමක තරග වැදීමද ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවලට යම් බලපෑමක් ඇති කරනවා නිසැකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...