කොවිඩ් ගැන නවතම අනාවරණය …

කොවිඩ් වෛරසයට දින ගණනාවක් සිල්ලර බඩු මත රැඳී සිටිය හැකි බව, එක්සත් රාජධානියේ විශේෂඥයින් පිරිසක් විසින් කරන ලද පරීක්ෂණයකින් සොයාගෙන ඇත.

මෙම පරීක්ෂණය විශේෂඥයින් සිදු කර ඇත්තේ එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති ඒජන්සිය සඳහායි. ඒ සඳහා පිසීමකින් තොරව හෝ පිරිසිදු කිරීමකින් තොරව ආහාරයට ගත හැකි අහාර ඔවුන්ගේ පරිෂණයට භාජනය වී ඇත. පළතුරු, පේස්ට්‍රි, බේකරි නිෂ්පාදන සහ බෝතල් කළ බීම ඇතුළු ඇසුරුම් සහ ආහාර නිෂ්පාදනවලට කොවිඩ් වෛරසය ආලේප කර එම වෛරසයේ ජීව කාලය පරීක්ෂාකොට තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ පැය 24 කාලය තුලදී කොවිඩ් වෛරස් මට්ටම්වල “සැලකිය යුතු පහත වැටීමක්” සිදු වී ඇති බවයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී කොවිඩ් වෛරසය සතියක කාලයක් එම ආහාර නිෂ්පාදනවල පැවති ඇති බවටද පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

කොවිඩ් වෛරසය රසායනාගාරයක් තුලදී කෘතිමව එම ඇසුරුම් සහ නිෂ්පාදනවලට අලේප කර ඇති බැවින් සිල්ලර වෙළෙඳාමේදී ඇති පරිසරය සැලකිල්ලට ගනිමින් මෙම වෛරසයේ ජීවය ඉතා අඩුවිය හැකි බව විශේෂඥයින් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අත් සේදීම සහ හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමන කිරීම හැරුණුවිට ආහාර පිළියෙළ කිරීමේදී හෝ ආහාරයට ගැනීමට අමතර පූර්වාරක්ෂාව අවශ්‍ය නොවන බවයි.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...