ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 11ක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය!

Date:

ඒ කල්බදු කාලය සම්පූර්ණ වීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්ව කෙරෙන ගුවන් යානා 11ක් වෙනුවටය.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා,

“මෙහෙයුම් ලාභය අද වනවිට මේ වසරේ රුපියල් මිලියන 6,000ක් තියෙනවා. ඊළඟ වසර වනවිට ලීසිං කාලය පිරීම නිසා ගුවන් යානා 9ක් 11ක් අතර ප්‍රමාණයක් අපෙන් යනවා. කැබිනට් මණ්ඩලය විසින් අප වෙත අනුමැතිය ලබාදුන්නා ඉවත්වයන ගුවන්යානා වෙනුවෙන් ගුවන්යානා ලබාගැනීමට. ඉදිරි මාස 3ක් 4ක් තුළදී ගුවන්යානා 3ක් හෝ 4ක් අපගෙන් ඉවත්ව යනවා. ඒ නිසා අපගේ ප්‍රමුඛතාවය හිමිවන්නේ ඒ සඳහායි. නමුත් අඩු මිලකට ගුවන් යානා ලබාගත හැකි නම් අප විසින් විශ්ලේෂණයක් සිදුකර අපගේ ගුවන්සේවයට සහ රටට උචිත ආකාරයට ක්‍රියාකරනවා.”

එහිදි අදහස් දැක්වු වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගිය කාලය තුළදී ඉතා යහපත් කාර්ය සාධනයක් පෙන්වා තිබෙන බවය.

රෂිකා හෙන්නායක
2022.12.04

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය විදේශිකයින්ට යළි වීසා පහසුකම් ලබාදෙයි!

කොළඹ LNW:ඉන්දියානු නේපාල සොනාලි දේශ සීමාව ඔස්සේ ගමන් කරන...

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...