රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්!

Date:

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය කිරීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත්, ආයතනයෙන් ආයතනය විද්වත් කමිටුවක් මගින් විශේෂ විශ්ලේෂනයකට භාජනය කොට රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මෙන්ම සේවකයන් වෙනුවෙන් අවශ්‍ය වෙනස් කම් සිදු කිරීම බවත් ඒ මහතා පවසා තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (03) දින උදෑසන රුවන්වැල්ලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

විවිධ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ කොටස් ඇති බවත්, එය ආයතනයෙන් ආයතනයට විවිධාකාරයෙන් ක්‍රියාත්මක විය හැකි බවත් පැවසූ අමාත්‍යවරයා, ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කෙරෙන ආයතන සියල්ලම පාහේ මූලික ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන ඌනතාවයකින් පෙලෙන බවත්, එයට ශක්තිය ලබාදීම මෙහි එක් අරමුණක් බවත් සඳහන් කළේය.

එමෙන්ම ලෝකයේ ඇති නවීන තාක්ෂණය පිළිබඳ ගැටළු, වඩාත් හොඳ කළමණාකරණයක් ලබාදීම, ඒ තුළින් නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ඇතුළු කරුණු රැසක් ඉටුකරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...