ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්!

Date:

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඉකුත් 29 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්විනි.

සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක් සිටින බව පැවසූ සෞදි අරාබි තානාපතිවරයා අනාවරණය කළේ, සෞදි අරාබිය තුළ පුහුණු ශ්‍රමිකයන්ට අවස්ථා රැසක් පවතින බැවින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට තමා යෝජනා කළ බවයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉදිරි ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර, සෞදි අරාබිය ශ්‍රී ලංකාවට ලබාදෙන නිරන්තර සහය අගය කළ කථානායකවරයා, එම මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බවද පැවසුවේ ය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...