එංගලන්තයේ මරු කැඳවූ රිය අනතුරකට ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුගේ බිරිඳට අත්හිටවූ සිරදඬුවමක්!

Date:

මීට වසර තුනකට ඉහත 2019 දී බ්‍රිතාන්‍යයේ එංගලන්තයේ දී වගකීම් විරහිත ආකාරයෙන් තම වාහනය ධාවනය කිරීම මත සිදුවූ අනතුරකින් නව යෞවනයකු මරණයට පත්වීමේ සිදුවීමට අදාළව, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුගේ බිරිඳ වන ඈන් සකූලස් නැමැත්තියට මාස 08 ක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම මාස අටක සිරදඬුවම මාස 12 ක කාලයකට අත්හිටුවන ලද සිරදඬුවමක් වන අතර, ඊයේ (08) දින මෙම නඩු තීන්දුව ලබා දී තිබෙන්නේ ලන්ඩනයේ ඕල්ඩ් බෙයිලි මධ්‍යම අපරාධ අධිකරණය විසි‍නි.

අනතුරට වරදකාරිය වන ඈන් සකූලස් නැමැත්තිය අධිකරණයට පැමිණ නැති අතර, එක්සත් ජනපදයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.

අනතුරින් මරණයට පත් හැරී ඩන්ට යුක්තිය ඉල්ලා එල්වූ බැනරයක් | ඡායාරූපය: REUTERS/Andrew Boyers

2019 අගෝස්තු මස දී මෙම තැනැත්තිය විසින් වගකීම් විරහිත ලෙස තම මෝටර් රථය ධාවනය කර ඇති අතර, එම මොහොතේ 19 හැවිරිදි හැරී ඩන් නැමැති නව යෞවනයා ගමන් කරමින් සිටි යතුරුපැදියේ ඇගේ මෝටර් රථය ගැටී ඇති අතර, සිදුවීමෙන් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ, ආර්ඒඑෆ් ක්‍රෆ්ටන් (RAF Croughton) නම් එක්සත් ජනපද හමුදාව විසින් භාවිතා කරනු ලබන බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි පිහිටා ඇති ගුවන් හමුදා කඳුවරක් අසලදී ය.

අදාළ තැනැත්තිය වරද පිළිගෙන ඇති බව ද සඳහන්.

අනතුරින් මරණයට පත් හැරී ඩන් ගේ මව චාර්ලට් චාර්ල්ස් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින්; වම් පැත්තේ සිටින්නේ ඇගේ සැමියා වන බෘෘස්; දකුණු පැත්තේ සිටින්නේ හැරීගේ පියා බෘෘස් ඩන් ය; අනෙක් පුද්ගලයා එම පවුලේ උපදේශකයකු වන රැඩ් සීජර් ය. | ඡායාරූපය: REUTERS

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...