ශ්‍රීලනිපය වෙනමම සන්ධානගත වීමේ තීරණයක!

Date:

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානගත වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනටමත් තීරණයක් ගෙන ඇති බව එම පක්ෂයේ ජ්‍යෙශ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය.

ඒ, අද (17) පැවති මාධ්‍ය හමුවකදීය.

”පොල්ගෙඩිය රු.100යි. ජීවත් වෙන්නේ කොහොමද? රු.පන්දාහේ ඒවා අච්චු ගගහ,අච්චු ගගහ දුන්නට මේ රටේ රජයේ සේවකයෝ ඉන්නේ 7%යි. අනෙකුත් සාමාන්‍ය මිනිස්සුන්ට රු.5000ක් ලැබුණත් ඒකේ වටිනාකමක් නැහැ. සෞඛ්‍ය විද්‍යාඥයෙක් කියනවා ලක්ෂ හයහමාරක විතර මිනිස්සු රෑට කන්නේ නැතුව බුදියගන්නවා කියල. මේ වගේ වෙලාවක මොකද කරන්නේ කියල අපෙන් අහනවා සාමාන්‍ය ජනතාව. ඔව්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මධ්‍යම කාරක සභාව ස්ථිර වශයෙන්ම තීරණ අරන් තියෙනවා.රටේ ඉදිරියට ඇති වන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනමම සන්ධානයක් යටතේ තරඟ කිරීමට තීරණය කරලා තියෙනවා.යනුවෙනුයි එහිදී පියදාස මහතා කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...