*
Wednesday, October 23, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/11

1. “මේ මස අගදී ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව” ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ, නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ.වීරසිංහ ප්‍රකාශ කරයි.

2. “පෞද්ගලීකරණයට” එරෙහිව ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ රාජ්‍ය බැංකු සේවකයන් 3,000 ක් පමණ එක්ව කොළඹ, මාතර, කළුතර, බදුල්ල සහ මීගමුව යන නගරවල විරෝධතා! – ඔවුහු රජයේ කප්පාදු පිලිවෙත් වලට ද සිය විරෝධය පළ කරති.

3. සැම්බියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය ආධාර කඩිනම් කිරීම සඳහා නැවත නැවතත් කරන ලද ඉල්ලීම් මත මේ සතියේ තම චීන සගයන් සමඟ “ඵලදායී සාකච්ඡාවක්” පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ට්ලිනා ජෝර්ජිවා (Kristlina Georgieva) ප්‍රකාශ කරයි.

4. ජපන් ණය මගින් ඩොලර් බිලියන ගණනක අරමුදල් මත ක්‍රියාත්මක කිරීමට තිබූ සැහැල්ලු දුම්රිය ගමනාගමන (LRT) ව්‍යාපෘතිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා අවසන් වූ පසු නැවත ආරම්භ කිරීමට ජපාන රජය එකඟ වී ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ප්‍රකාශ කරයි – ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ණය ගැනීම් අඩු කිරීමේ අරමුණින් LRT ව්‍යාපෘතිය 2020 දී අත්හැර දමන ලදී – ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටින අතර විදේශ ණය ගෙවීම පැහැර හැර ද තිබේ.

5. පවතින ශීත කාලගුණයේ කම්පනය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ගවයින් සහ එළුවන් 1,092 දෙනෙකු මියගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කරයි – එහි ප්‍රතිඵලයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ගවමස් සහ එළුමස් ප්‍රවාහනය අත්හිටුවීමට ජනාධිපතිවරයා නියෝග කරයි.

6. 2023 සැප්තැම්බර් 30 වන දින වන විට, 2010 අංක 17 දරණ කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේ කැසිනෝ නියාමන අධිකාරියක් පිහිටුවීමට අපේක්ෂා කරන රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් අනුමත කර ඇති බව එම සභාවේ සභාපති සමඟි ජන බලවේගයේ ‘ආර්ථික ගුරු’ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

7. කොළඹ විශ්ව විද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සහාය ලබා දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – කොළඹ නීති පීඨයේ විධායක ජනාධිපති ධූරයට පත් ප්‍රථම ආදි ශිෂ්‍යයා ලෙස නීති පීඨයේ “Back to the Faculty” වැඩසටහනට සහභාගී වෙයි.

8. ආනයන තහනම් මධ්‍යයේ පවතින ආහාර හිඟය හේතුවෙන් කඳුකර පොලිස් කොට්ඨාශයට අයත් අශ්වයන් 7 දෙනෙකු අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි – එක් අශ්වයකු ඇ.ඩො. 35,000 ක් පමණ වටිනා බවත්, දැනට නඩත්තු කරන අශ්වයන් 50 ක් පමණ සිටින බවත් ප්‍රකාශ කරයි.

9. පසුගිය මාස 7 තුළ රුපියල ඇමරිකානු ඩොලරයකට රුපියල් 365ක් ලෙස “ස්ථාවර” කර ඇති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ වන විට රුපියල ශීඝ්‍රයෙන් හා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමට ඉඩ ඇති බවත්, රුපියල “ස්ථාවර” කිරීමට මුදල් මණ්ඩලය ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වළක්වනු ඇති බවත් අනතුරු අඟවයි.

10. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පසුගියදා පැවති ටෙස්ට් තරඟාවලියේදී තරඟ පාවාදීමේ චෝදනා විමර්ශනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් කටයුතු කරයි – ජුලි මාසයේ පැවැති තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය “පාවාදුන්” බවට සමඟි ජන බලවේගයේ පා.ම. නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පරීක්ෂණය සිදු කරන ලෙස ICC වෙත ආරාධනා කර තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan