රටෙහි බංකොලොත්බව ආඩම්බරයට කරුණක් ද?

Date:

අද වනවිට ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික ව්‍යසනය හමුවේ ඉකුත් දිනයන්හි කතාබහට ලක්වූ මහබැංකු ණය පැහැර හැරීම සම්බන්ධයෙන් වර්තමානය වන විටත් නොයෙක් අන්දමින් නොයෙක් පුද්ගලයන් අදහස් ඉදිරිපත් කරනු දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ණය පැහැර හැරීම සත්‍ය ද අසත්‍ය ද යන්න පිළිබඳව මේ වනතුරුත් නොයෙකුත් තර්ක ඉදිරිපත් වෙමින් පවතී. මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇතත් පාර්ලිමේන්තුවේ හෝ අනුමැතියකින් තොරව නොමනා තීරණයක් ගත් එකී පුද්ගලයන් ඉදිරිපත් කරන තර්කයන් ඉතා ප්‍රාථමික මට්ටමක පවතී.

ඒ අනුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ බෙහෙත් සම්බන්ධයෙන් පැන නැගුණු මුදල් හිඟය නිසා ණය ගැනීමට සිදුවූ අතර ඊට එහා විසදුම් ලෙස වෙනයම් මාර්ගයක් නොතිබුණු බවත්  සැම්බියාව වැනි අනෙකුත් රටවල මෙන් ශ්‍රී ලංකාවත් ණය පැහැර හැරීම් සිදු වන මාස සඳහා සැලසුම් නිර්මාණය කර තිබුණානම් මෙසේ ලංකාව අති විශාල ප්‍රමාණයේ ආර්ථික අවපාතයකට නොවැටෙන බවත් ඔවුන් ඉදිරිපත් කරන තර්කයන් අතර වේ.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේත් මන්දගාමී ක්‍රියාකාරිත්වය හමුවේ රටට ලැබීමට නියමිතව තිබූ සියලුම අරමුදල් සහ සහනාධාර යන සියලුම මාර්ග පාහේ අහිමි විය.

නමුත් මෙම වගකිවයුත්තන් එයත් හැදින්වුයේ මෘදු ණය පැහැර හැරීමක් ලෙසයි.

අලි සබ්රි

විදේශ අමාත්‍යාංශය ගත් කළ ඔවුන් රටෙහි සල්ලි නැතැයි පවසන විට සියලුම දෙනා එය පිළිගත යුතුය.. නමුත් පිළිගත නොහැකි කාරණාව නම් දක්ෂ නීතිඥවරයකු වූ පළියට හෝ හිටපු ජනපතිගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මතුවූ සිද්ධිය ඉතා සාර්ථක ලෙස විසඳූ පළියට අදහස් කරන්නේ ආර්ථිකය ක්‍රියාත්මක විය යුතු ආකාරය ඔහු හොඳ හැටි දන්නා බව නොවේ. ඔහුට එසේ කිරීමට උපදෙස් දී ඇති බවයි.

වගකිවයුත්තන්ගේ ලේඛනයේ මුලසුන හොබවනුයේ නන්දලාල් වීරසිංහ යි. ණය පැහැර හැරීම එම අවස්ථාවට අනුව තිබූ හොඳම තීරණය බව තම ට්විටර් ගිණුමේ සඳහන් කරමින් ඔහු තවදුරටත් රට මුහුණපාමින් සිටින ආර්ථික බංකොළොත්බවේ ප්‍රධාන වගකිවයුත්තා ලෙස රටට හෙළිදරව් විය.

මන්ද රට බංකොලොත් කිරීමේ මෙම ඓතිහාසික තීන්දුව ගැනීමට පෙර ඔහු පෞද්ගලික අංශයෙන් හෝ පාර්ලිමේන්තුවේ හෝ අනෙකුත් ආර්ථිකයන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කර්මාන්ත ප්‍රධානීන් සහ ණයහිමියන්ගෙන් හෝ උපදෙස් හා අදහස් ලබා ගත්තේ නම් අද වන විට මෙවැනි තත්ත්වයක් උදා නොවනු ඇත. මොනයම් හෝ සැලසුමක් සිදු නොකර ණය ලබා ගනිමින් හුදෙක් පැහැර හැරීමක් පමණක් නිර්මාණය කිරීමෙන් ඔහු රටට සිදු කළ පරිහානියේ ප්‍රතිවිපාක වර්තමානය වන විට රටෙහි ජනතාවට අත් විදීමට සිදුව ඇත.

රටක ණය, වෙළෙඳපොළට ප්‍රවේශය නොමැතිකම ණය පැහැර හැරීමක නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයකි. තවද රටෙහි ණය සඳහා ඉහළ පොලී අනුපාතයක් අය කළත් එයට කිසිසේත් ණයක් ලබා නොදෙනු ඇත.

එමෙන්ම පැහැර හරින ලද රටේ ණය හේතුවෙන් ශ්‍රේණිගත කිරීම් අඩපණවී රටට විදේශ ආයෝජන ලැබීම නැවතෙයි. මේවායේ තවත් ප්‍රතිඵලයක් නම් කොන්දේසි සහිතව රටකට ලැබෙන ඇප සහනයි. ණය දෙන්නන් විසින් දැඩි කොන්දේසි පනවන අතර විශාල අයවැය කප්පාදුව සහ දැඩි බදු වැඩිකිරීම් තුළින් ඒවා පියව ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

රජය විධිමත් කිරීම මගින් එහි ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔවුන්ට අවශ්‍ය වූවත් අද වන විට ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාවට මෙම ආර්ථික ව්‍යසනය හමුවේ අත් විදීමට සිදුව ඇති ගැටළු වලට හේතුව රට බංකොලොත් කිරීමේ තීරණය ගත් පිරිසයි. මන්ද එම තීරණය කිසිදු සැලසුමක් නැතිව කිසිදු අදහස් විමසීමකින් තොරව නොමනා ලෙස ගත් තීරණයකි.

මක්නිසාද යත් එසේ ණය පැහැර හැරීමක් සිදුවනවා නම් මාස කිහිපයකට පෙර සැලැස්මක් සකස් කර තිබිය යුතුය. නැතහොත් කඩා වැටුණු ආර්ථිකය නගාසිටුවීම සිතන තරම් පහසු කාර්යක් නොවනු ඇත. මෙම ණය පැහැර හැරීම නිසා බංකොලොත් වූ ලංකාවේ ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළත් මෙලෙසින්ම පවතිනු බව නොඅනුමානය. එම නිසා ඉදිරියේදී මෙවැනි තීරණ ගැනීම වැලැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මේ තීරණය ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කළ යුතුයි. එවිට වර්තමානයේ ලාංකිකයන් ලෙස අප මුහුණපාන මෙම දරුණු ව්‍යසනය තවදුරටත් දරුණු අවපාතයක් නොවීමට වග බලා ගත හැකිය.

ඇඩොල්ෆ්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...