ලංකාවේ තියන හැම සිංගප්පූරු කොම්පැනියක්ම මට අයිති ඒවා නෙමෙයි: අර්ජුන් ඇලෝසියස්

Date:

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹ නෙලුම් කුළුණ බදු දී තිබෙන්නේ සිංගප්පූරු සමාගමකට බවත් එම සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.

මේ පිළිබඳව LNW අප කළ විමසීමකදී ඇලෝසියස් මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබෙන සෑම සිංගප්පූරු සමාගමක්ම තමාට අයත් යැයි පැවසීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොළඳ නොවිය යුතු බවත්, එලෙස ව්‍යාපාරවලට හිමිකාරීත්වය කීමට තරම් තමාට ධනස්කන්ධයක් නොමැති බවත් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ප්‍රසිද්ධියේ මිනිසුන්ට අපකීර්තිය ගෙනෙන ප්‍රකාශ සිදු නොකළ යුතු බවට පවසන ඇලෝසියස් මහතා, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ එල්ල කළ සාවද්‍ය චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත පොදු වේදිකාවක සිදුකළේ නම් ඔහුට එරෙහිව අපහාස නඩුවක් ගොනුකිරීමට කටයුතු කරන බව ද පැවසීය.

එමෙන්ම, ඉහත කී සමාගමට තම සම්බන්ධතාවයක් තිබෙන බවට එම මන්ත්‍රීවරයා පවසන්නේ නම්, එය නීත්‍යානුකූලව ඔප්පුකර පෙන්වන ලෙස තමා ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට අභියෝග කර සිටින බව ද ඔහු පැවසීය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...