මේ රටේ තත්ත්වය විනාශකාරි තැනකට ඇද දමන්න ජනතා විමුක්ති පෙරමුණ නැවත ක්‍රියාත්මක වෙනවා – අමල් ශාන්ත

Date:

1988 – 89 කාලයේ මෙන් වර්තමානයේ ද ජනතා විමුක්ති පෙරමුණ රට තුළ විනාශකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමේ වෑයමක නිරත වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් ශාන්ත මායාදුන්න පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (13) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“1988, 1989 කාල පරිච්ඡේදය මෙන් නැවත තුන්ඩු කෑල්ලෙන් කඩසාප්පු වසන තත්ත්වයක් ගොඩනගමින් සිටින බවක් අපි දැක්කා. විශ්වවිද්‍යාල උප කුලපතිවරයෙකුට පහරදෙනවා. මෙය අපි ඉතා පිළිකුළෙන් හෙළා දකිනවා. දකුණේ විශ්වවිද්‍යාලය තුළට ජ.වි.පෙ., පෙරටුගාමි කිඳා බැහැලා දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට කටයුතු කරනවා. මේ අය අද සිදුවන දේවලට සම්පූර්ණ වගකීම භාරගත යුතුයි. ජ.වි.පෙ. ලාල්කාන්ත සහෝදරයා කියනවා බැසිල් රාජපක්ෂ මහතා සිදුකරපු සමීක්ෂණයකට අනුව අපි ඡන්දයකට යන්න බයයි කියලා. අපි ඡන්දවලට බිය පක්ෂයක් නොවේ. මේ අවස්ථාවේ රටට අවශ්‍ය ඡන්දයකට වඩා ආර්ථිකය ගොඩනැගීමයි. මේ රට සංවර්ධනය කරපු එකම දේශපාලන පක්ෂය අපියි. ඡන්ද කාලයට ඡන්දය කරමු. ප්‍රථමයෙන් රටක් ලෙස ස්ථාවරත්වය තිබිය යුතුයි. කළුතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කළ රැස්වීම් පුත්තලමෙන් අවසන් වුණා කියලා ජ.වි.පෙ. කිව්වට අපි අවසන් කළේ නෑ. මේ වන විට අපි බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාවලිය කරගෙන යනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...