අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 16 දා

Date:

අධ්‍යාපනය පිළිබඳ පළමු ද්විවාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය 2022 දෙසැම්බර් මස 16 වන දින කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති සම්මානිත මහාචාර්ය හරිස්චන්ද්‍ර අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම සම්මන්ත්‍රණයේ මුලික අරමුණ වන්නේ, අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කළ විවිධ පර්යේෂණ එක් තැනකට ගැනීම හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ දි මෙම දත්ත හා තොරතුරු උපයෝගි කර ගනිමින් ප්‍රතිපත්ති සම්පදානය කිරිම බව සභාපති වරයා කීවේය.

ප්‍රධාන ක්ෂේත්‍ර 18 ක් ඔස්සේ පර්යේෂණ පත්‍රිකා 27ක් ඉිදිරිපත් කිරීමට නියමිතය. පර්යේෂකයින් 150 කට ආසන්න ප්‍රමාණයක් මෙයට දායකත්වය දක්වයි.

මෙම සම්මන්ත්‍රණයට එක්ස්ත් ජාතිනීන්ගේ ළමා අරමුදල (UNICEF)සංවිධානය මූල්‍ය දායකත්වය සපයයි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන් මහතා සහභාගි වීමට නියමිතය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී දත්ත පදනම් කර ගැනීමටත්,මේ සම්බන්ධයෙන් පර්යේෂණ හා විශ්ලේෂණය කරන පර්යේෂකයින්ට මෙම සම්මන්ත්‍රණය හොඳ වේදිකාවක් බවත් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපති පද්මිණි රණවීර,ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරි ආචාර්ය වි.පි රණවක,ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රතිපත්ති පර්යේෂණ නිලධාරී ආචාර්ය තීක්ෂණ සෝමරත්න යන මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...