කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ නොකෙරේ…..

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙර නඩු දිනයේදී අධිකරණයට දැනුම් දුන් පරිදි පැමිණිල්ල සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට ප්‍රති විරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමක් නොකළ අතර ඒ සඳහා තවදුරටත් දින ලබාදෙන ලෙස මෛත්‍රී ගුණරත්න මහතා ඊයේ (15 දා) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන ජනවාරි 17 වැනිදා දක්වා කල් ලබාදුන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම නඩුව ලබන ජනවාරි 17 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීම වළක්වමින් සිය අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් දීර්ඝ කිරීමක් ද සිදු නොකළේය. රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු පාදක වූයේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු එවකට සිටි බලධාරීන් ගත් තීන්දු තීරණ වන බවත් එබැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පෞද්ගලිකව එම පැමිණිල්ල අධිකරණයට ගොනුකර තිබිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ජනගහනයෙන් 9.2% ක් ( ජනතාව මිලියන 735) දැඩි ආහාර හිඟයකින්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : "ආහාර හානිය සහ...

කිසිදු බියක් හෝ පක්ෂග්‍රාහීත්වයක් නොමැතිව දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – ඇමති විජිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:දූෂණය මගින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරන සහ විශ්වාසය...

රු. මි. 36.6ක ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : නීති විරෝධී ලෙස...

අනෝජන් සිවරාජාට සමාව දෙන ලෙස බානගල නා හිමියන්ගෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:සෞදි අරාබි ගරු අධිකරණයෙන් මරණය දණ්ඩනය නියම කර...