පැය 7 ක විදුලි කප්පාදුවක අනතුරු ඇඟවීමක්..

Date:

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තුවල පැය 7 ක් 8 ක් දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ඊයේ (15 දා) පැවසීය.

බලාගාරයට ගල්අඟුරු සපයා ගැනීමට විදුලි ඉංජිනේරුවන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් එය බලශක්ති අමාත්‍යාංශය සහ ගල්අඟුරු සමාගමේ වගකීමක් බවත් වීරරත්න මහතා පැවසීය.

නොරොච්චෝල බලාගාරය සඳහා මෙටි්‍රක් ටොන් හැටදහස බැගින් ගල්අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු වුවත් මේ වනතෙක් ඉන් පැමිණ ඇත්තේ නැව් පහක් පමණක් බවත් ඔහු කීය. ඉදිරි දින කිහිපයේ ගල්අඟුරු ගෙන්වීමට කටයුතු කළත් නිසියාකාරයෙන් මුදල් ගෙවීමක් සිදු කළත් ගෙන්විය හැකි නැව් සංඛ්‍යාව තවත් 24 ක් පමණ බව ද ඔහු කීය.

ගල්අඟුරු නැව් සඳහා අත්තිකාරම් ලෙස ගල් අඟුරුවල වටිනාකමින් සියයට 30 ක් ගෙවා මෙරටට ගෙන්වීමෙන් පසු ඉතිරි සියයට 70 ගෙවන තෙක් ගල්අඟුරු ගොඩබෑමක් සිදුනොකරන බවත් ඔහු කීය. එම නැව් සඳහා ද නියමිත ආකාරයෙන් මුදල් ගෙවීමට නොහැකි වුවහොත් ගල්අඟුරු ගෙනාවත් ඒවා ගොඩබෑමට මුදල් සොයාගන්නා තෙක් බලාසිටිය යුතු බවත් වීරරත්න මහතා කීය.

නොරොච්චෝල බලාගාරය මගින් විදුලි අව්‍යතාවයෙන් සියයට 45 ක් පමණ සපයන බවත් ජල විදුලිය නිපදවීම අඩුවුවහොත් විදුලි කප්පාදුව තවත් දීර්ඝ වනු ඇති බවත් ඒ මහතා කීය. මේ වන විට රජයට අයත් තාප බලාගාර ක්‍රියාත්මක වන අතර පෞද්ගලික අංශයේ තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීම විදුලිබල මණ්ඩලය විසින් අත්හිටුවා ඇතැයි ද ඔහු කීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...