දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී..

Date:

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) පවසයි.

පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

බ්‍රයන් තෝමස් මහතාගේ ජංගම දුරකතනය ද මේ වනවිට පොලිසිය භාරයට ගෙන තිබේ.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ(16) නියෝගයක් ද නිකුත් කළේ ය.

දිනේෂ් ශාෆ්ටර් මහතා , මෙරට ප්‍රමුඛ පෙලේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක සමුහ අධ්‍යක්ෂකවරයෙකි.

බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැද දමා සිටියදී පසුගියදා ශාෆ්ටර් මහතා සොයා ගැනිණි.

අසාද්‍ය තත්ත්වයේ සිටි ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණේ , පසුගිය 15 වැනිදා රාත්‍රියේදී ය.

මේ පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් 4ක් යොදා ගනිමින් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!