*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ආර්ජෙන්ටිනාව බංකොළොත් වුණාට පාපන්දු බංකොළොත් නැහැ

අවසාන තරගයක් කියන්නෙ මොකද්ද?වචන පාවිච්චි කරන්න එපා.ඔබට තියෙන්නෙ
2022 පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පෙන්නන්න.එහි තියෙන තියුණු
උද්වේගකර බව,සටන්කාමි බව මෙන්ම ආක්‍රමණය සහ ආරක්ෂාව මේ සියල්ල එක සේ
මුසුව තිබුණු ඇතැම් විට පාපන්දු ලෝක කුසලාන අවසාන තරග ඉතිහාසය ගත් විට
තිබුණ හොඳම තරගයත් විය හැකි තරගයක් එය.
ප්‍රංශය ලෝක දේශපාලන සහ ආර්ථික ඉතිහාසයේ කවදත් කේන්ද්‍රීය බිමක්.අධිරාජ්‍යවාදී
පාලන තන්ත්‍රයක සිට සැමට පොදු හිමිකම් දෙන්නට තරම් මානුෂීය වූ රාජ්‍යයක් දක්වා
ඔවුන්ගේ විකාශය අතිශයින් වැදගත් එකක්.යටත්විජිත සූරා කෑම් ගැන ඉතිහාසයක
චෝදනා පිරුණු ප්‍රංශය ගැන අද වන විට පාපන්දුව හරහා කතා කරත් මනුස්සෙක්ට
සතුටින් ආත්ම ගෞරවයක් ඇතුව ජීවත්වෙන්න පුළුවන් රටක් දක්වා පරිවර්ථනය වී
ඇති බව පැහැදිළියි.ප්‍රංශයට ගහන්නෙ වෙන රටවලින් මිලට ගත්තු ගෝත්‍රිකයො කියන
අය ඒ වචන අස්සෙම ගෝත්‍රික තමන් ගෝත්‍රිකයො බවට පත්වෙන්නෙ, ප්‍රංශය ගෝත්‍රික
නොවී හැම මිනිහෙක්ටම තමන්ගේ හැකියාවෙන් ඉදිරියට එන්න පුළුවන් බිමක් බවට
පෙරැළි තිබීම නිසයි.එසේම මේ මානුෂික සත්කාරය පරම්පරා ගණනකට ප්‍රදානය කර
තිබෙන ප්‍රංශය එයින් නෙලන පල මිස ප්‍රංශ කණ්ඩායමට විදේශයන්ගෙන් ආනයනය
කරපු ක්‍රීඩකයො යන ලේබලය යොදන්න බැහැ.
ප්‍රංශයට ක්‍රීඩා කරන අතිරේක දැල රකින්නෙක් වන ස්ටීව් මැන්ඩන්ඩා කොංගෝවේ ඉපිද
අවුරුදු දෙකේදී පංශයට සංක්‍රමණය වූ අයෙක්.තිස් හත් හැවිරිදි ඔහුගේ ජීවිතයෙත්
අවුරුදු 35 ක් ම ගෙවී තිබෙන්නේ ප්‍රංශයේ.ඔහුට පාපන්දු හමුවෙලා තියෙන්නෙත්
ප්‍රංශයෙදි.එඩුවාඩෝ කැමවින්ගා ද ප්‍රංශයේ ඉපදීම සිදු නොවුණු කෙනෙකි.ඔහුට තවමත්
අවුරුදු 20 කි.ඔහු පැමිණ ඇත්තේද මීට අවුරුදු 18 ට පෙර ය.ඔහුට අවුරුදු 11 දී එම
පවුලට සියල්ල අහිමි වන්නේ නිවස ගිණිබත් වීමෙන්ය.ඉනික්බිතිව ඔහුට ලෝකයක්
දන්න ක්‍රීඩකයෙක් මටිටමට වැඩෙන්න මිස වැටෙන්න ඉඩක් නොවුණු රටක්
තිබුණේය.ඔහු ඒ ආරක්ෂාව ලැබුණු රටට ක්‍රීඩා කරන්නේය.කොංගෝවේ අවතැන්
කදවුරක හරි රැකවරණයක් ගැන විශ්වාසයක් නැතුව උපන් එඩුවාඩෝ ලෝකයක් දන්න
වීර ක්‍රීඩකයෙක් කිරීම ගැන ප්‍රංශය ඇසිය යුත්තේ කුමනාකාරයේ දොසක් ද යන්න
නොහැඟෙන අතර ප්‍රංශයට රටක් ආඩම්බර වෙන්න පුළුවන් හොඳම කාරණය
තියෙන්නේ ද එතැනය.
ආර්ජෙන්ටිනාව යනු කුමනාකාරයේ රටක් ද?1816 ස්පාඤ්ඤයෙන් නිදහස ලැබුණ
මොහොතේ සිට ආර්ථික වශයෙන් ස්පාඤ්ඤයද අභිබවා යා හැකි මට්ටමට දියුණු
වෙමින් පැවති රටකි.ලෝකයේ ධනවත්ම රාජ්‍ය 10 අතරේ රැඳෙන්නට තරම් සමත්කම්

තිබුණු ආර්ජෙන්ටිනාවේ ඉරණම අනිත් පැත්ත හැරෙන්නට ගන්නේ 1930 දී පමණ
පාලනයට පත්වන මිලිටර් ජුන්ටාවන්ගේ අදූරදර්ශි පාලන ක්‍රමවේදයන් සමඟය.මුල
සවිමත්ව තිබුණු නිසා 1960 ගණන්වලද ඒක පුද්ගල ආදායම වැඩිම රටක් හැටියට
ඉදිරියෙන් සිටිය ද පසුව කැඩා වැටුණ සහ දේශපාලනිකව පිරිහුණු පාලනයන් විසින් ගත්
වැරදි තීරණ නිසා කෙයේ ණය ගෙවීම් පැහැර හැර ඇති රටවල් අතර ආර්ජෙන්ටිනාව
එම වරද නව වරක් කළ රටක් හැටියට ගැනෙන්නේය.උද්ධමනය 5000% දක්වා ඉහළ
තැනෙක තිබීමෙන් පීඩාවට පත් ජනතාවට සතුටු වෙන්නට ඇත්තේ ඔවුන්ගේ ආගම
තරමටම ලෙංගතු පාපන්දු ප්‍රමුඛත්වය ගන්නා ක්‍රීඩාවන්ය.
පළමුවරට පාපන්දු ලෝක කුසලානය පැවත් වූ මොහොතේත් අනු සූරතාවය දිනූ
ආර්ජෙන්ටිනාව මෙවර ජය ගන්නේ ඔවුන්ගේ තෙවන සූරතාවය ය.පාපන්දු රාජ්‍යයක්
හැටියට හැමදාම සිය අනන්‍යතාවය සහ ප්‍රබල බව බඩගින්න ඇතුළු වෙනත් සමාජිය
ආපදාවන් අස්සේ ගිලී යන්නට නොදී රැක ගන්නට ඔවුන් සිය ලෙයින්ම කැපවුණ
ජාතියක්ය.1938 සිට 1950 සහ 1954 දක්වා තරගාවලි තුනකට ඔවුන් සහභාගි වී
නැත.1938 න් පසුව දෙවන ලෝක යුද්ධයේ බලපෑම මත 1950 වන තෙක් තරගාවලිය
පවත්වා ද නැත.ඔවුන්ට තරග කර සුදුසුකම අහිමි වන්නේ 1970 දී පමණය.නමුත් 1974
දී නැවත සුදුසුකම් ලබමින් පාපන්දු ජාතියක් ලෙස තරගාවලිය පැවත්වීමේ අවස්ථාවට
ලෝක සහයෝගය ද ලබා ගන්නා ආර්ජෙන්ටිනාව 1978 දී තරගාවලිය පැවත්වීමේ වරම
මෙන්ම එම වසරේදී පළමු ලෝක සූරතාවය අත්පත් කර ගැනීම ද සිඳු කරන්නේය.
දෙවැන්න 1986 දි අත් කර ගන්නා ආර්ජෙන්ටිනාව 1990 දී නැවත අවසාන තරගයට ද
පිවිසෙන්නේය.ඒ ඩියාගෝ මැරඩෝනාගේ සමයය.ඊටත් වසරකට පසුව ඉපදෙන ලයනල්
මෙසී 1990 න් පසුව ආර්ජෙන්ටිනාවෙන් ඈථ්ව ගිය පාපන්දු කීර්තිය නැවත ගොඩ ගැනීම
සඳහා ඔහුට වයස අවුරුදු 18 – 19 වෙද්දිම පෙරමුණ ගන්නා බව දකින්නට
ලැබිණ.නමුත් එහි එක පියවරක් ඔහු සාක්ෂාත් කර ගන්නේ 2014 දී ය.එවර
ආර්ජෙන්ටිනාව අනු සූරයන් වන්නේය.නමුත් 2022 වන විට ඔහු පිය පදවිය දරන
කණ්ඩායමක් නිර්මාණය කර ගන්නට සමත් වන්නේය.තමන්ගේ තරුණ වියේ හමු වූ
අල්වාරේස් වැනි දරුවන් සමඟ මේ 35 වියැති දැවන්තයා 2022 දි ලෝක සූරතාවය
තෙවන වරට ආර්ජෙන්ටිනාවට දිනා දෙන්නේය.
ඒ 2022 දෙසැම්බර් 18 වන දා ලොව පුරා ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ මෙසී ගෙ පයත්
ම්බාපේගේ පයත් පිළිවෙලින් ආර්ජෙන්ටිනාවට සහ ප්‍රංශයට ලබා දෙන සහය ය.තරගයේ
මුල් අර්ධය ගෙවුණේ මෙසීගේ යටතේය.මෙසී මෙන්ම ඩිමාරියා ද පළමු අර්ධය 2- 0 සේ
ප්‍රංශය ඉදිරියෙන් තබා නිමා කරන්නට සමත් විය.හංගාගෙන හිර කරගෙන සිටි ප්‍රංශ
ආරක්ෂක දැල අස්සේ එයට දරන්නට බැරි තරම් බරකින් දෙවන අර්ධයේ ම්බාපේ
දඟළන්නට විය.ප්‍රතිපලය 80 වන 81 වන විනාඩියේදී ඔහුගේ ප්‍රවේගකාරී පා පහරවල්
ආර්ජෙන්ටිනා දැල සිදුරු කිරීමය.ඒ අතරින් ඔහු 81 වන විනාඩියේදී ලද අලංකාර පහර
විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙක් සතුව තිබිය යුතු සියලු ගුණාංග ප්‍රදර්ශනය කළ එකක්
විය.එයට ගැලපෙන වචනය උප සංස්කෘතික වාග් මාලාවෙන් ගත යුත්තකි.එය පට්ටය.

තරගයේ නියමිත කාලය ගෙවුණේ 2-0 සේ ය.අතිරේක කාලය ක්‍රියාවට නැංවෙද්දී 108
වන විනාඩියේදී ආර්ජෙන්ටිනා දැවන්තයා ක්‍රියාත්මක විණි.ගෝල 3 -1 ක්
විය.ආර්ජෙන්ටිනාව පෙරමුණේ ය.නමුත් 118 වන විනාඩියේදී නැවත ප්‍රංශයේ පාපන්දුවට
තව කාලයකට ආලෝකය දිය හැකි තාරුණ්‍යයේ ජවය ආර්ජෙන්ටිනා දැලට නොවරදින
ඉලක්කය ගත්තේය.ම්බාපේ ලෝක කුසලාන අවසාන තරගයක වාර්තා වී ඇති දෙවන
ගෝල ත්‍රිත්වය වාර්තා කළේය.පළමු නම වන්නේ ශ්‍රීමත් ජෙෆ්රි චාර්ලස් හර්ස්ට්
ය.එංගලන්තය නියෝජනය කළ ඔහුව පාපන්දු ලෝකයට වඩාත් සමීප ජෙෆ් හර්ස්ට් සේ
ය.පාපන්දු හැකියාවෙන් ශ්‍රීමත් වන්නට තරම් දියුණු හර්ස්ට්ව සම කළ ම්බාපේ අතිරේක
කාලය 3-3 සේ නිමා කරන්නට ප්‍රංශයට මඟ සකසා දුන්නේය.
ඉනික්බිති එළැඹි නිදහස් පහරේදී ආර්ජෙන්ටිනා දැල රකින්නා එමිලියානෝ මාර්ටිනස්
අභිබවා ප්‍රංශ නායකයා වන දැල රකින හියුගෝ ලෝරිස් පෙරට එනු ඇතැයි
අත්දැකීම්වල මතක කීව ද සිඳු වුවේ ලෝරිස් නායකත්වයේ පීඩනය නිසා ද
දක්ෂතාවලින් හැකිලීමය.එයම තරුණ ප්‍රංශ ප්‍රහාරකයන්ටත් බලපාන්නට ඇත.නමුත්
ම්බාපේ තමන්ගේ සුපිරි බව යළිත් ප්‍රදර්ශනය කරමින් සිය හතරවන ගෝලයත් ප්‍රංශයට
ලබා දුන්නේය.එහෙත් දඩුවම් පහර විසදුණෙ 4 – 2 ක් සේ 2018 ප්‍රංශය තමන් නතු
කරගත් කුසලානය ආර්ජෙනිටිනාව රැඟෙන යනු බලා සිටින්නට ඉඩ සළසමින්ය.ඒ
වෙනුවට ප්‍රංශයට පෙර දින රාත්‍රියේ ක්‍රොඒෂියාව විසින් අත හැර ගිය අනු සූරතාවය හිමි
විය.
තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි විය යුතු ගෝල්ඩන් බෝල් සම්මානය හිමි වූයේ
සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී ටය.ඔහු ආර්ජෙන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ගෝල
ප්‍රමාණය,ලබා ගැනීමට සහය වුණ ගෝල ප්‍රමාණය මෙන්ම ආර්ජෙන්ටිනා පාපන්දු
කන්ඩායමේ පිය භූමිකාවට උර දෙමින් ජයග්‍රහණය වෙනුවෙන් හැඩ ගැසීම ද ඊට ප්‍රධාන
වශයෙන් බලපෑවේය.
මෙසී ට වඩා මෙවර තරගාවලියේ වැඩි දෙනෙක්ගේ හදවතේ වීරයා වන්නට ඊයේ දවස
තුළ ම්බාපේ පෑ විශ්මිත හපන්කමම සෑහෙන්නේය.නමුත් ජයග්‍රහණයේ සහ ඊට දුන්
නායකත්වයේ වාසිය මෙසී සතු වූ අතර ම්බාපේ ගෝල්ඩන් බූට් සම්මානයේ හිමිකරු
වූයේ ගෝල අටක් රැස් කරමින්ය.සහභාගි වූ පළමු තරගාවලියේ හොඳම යොවුන්
ක්‍රීඩකයා වූ ම්බාපේ (2018) මෙවර රන් සපත්තුව පැළඳ ගත්තේ තව ඉදිරියට ඔහුට
ලෝක පාපන්දුව තුළ හිමි විය හැකි දේ ගැන සෙසු රටවලට අනතුරු හැඟවීමක් ද
කරමින්ය.
යොවුන් ක්‍රීඩකයා සේ කැපී පෙණුනේ 21 හැවිරිදි ආර්ජෙන්ටිනාව නියෝජනය කළ
එන්ෂෝ ෆර්ඩිනැන්ඩස් ය.ගෝල්ඩන් ග්ලව්ස් සම්මානය හොඳම දැල රකින්නා සේ හිමි
කර ගත්තේ ආර්ජෙන්ටිනා දැල රකින්නා වන එමිලියානෝ මාර්ටිනස්ය.

තවමත් ප්‍රංශයට හිනා වෙන අපට අපි අමතක වි ද යන්න සිතමු.මෑත කාලයේ මෙරට
ජීවිතයෙන් මිදී ජීවත්වන ශ්‍රී ලංකිකයන් සොයා ලංකාවේ පාපන්දුවට ඔවුන්ගේ
දායකත්වය දෙන්නට වෙර වීරිය ගත්තේය.නමුත් අද වන විට ඒවාද සැඩ වතුරේ
ගහගෙන ගොස් හමාරය.අපට උරුම කර දී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ලොකුම
අංක කරා දවසින් දවස ඉහළ නඟින ක්‍රමයක්ය.දැන එකසිය ගණන් පසු කර අප දෙසිය
ගණනට පැමිණ ඇත.සිඳුවීම් දෙස බලද්දි රටවල් තුන්සිය ගණනක් ක්‍රීඩා නොකිරීම
සතුටුවිය හැකි තත්ත්වයකි.එසේ වුවහොත් අපට තුන්සිය ගණන දක්වාම ඉහළ යන්නට
ද හැකිය.
ඒ අවාසනාවේ සිට අපට හිතන්නට බොහෝ දේ ඇත.ආර්ජෙන්ටිනාවේ මෙසි මෙන්ම
ප්‍රංශයේ ම්බාපේ ද කළවම් ජාතිකයෝය.අපි තවම ජාතියේ ආගමේ කුලයේ සුජාතබෘවය
කර පින්නාගෙන දෛනික ජීවිතයේ ද ගොන් ආතල් ගන්නන් රාශියක උරුමය දරාගෙන
සිටින්නෝය.ඉතිං ඇත්තට සහ විද්‍යාවට පය තිබ්බොත් අපි රටකට වටිනාකම් දෙන ඊ
ළඟ පරපුරක් හදද්දී අපේ කැමත්ත වෙන ජාතියකට නොවිය හැකිය.නමුත් එසේ කරන
එකා ද්‍රෝහියෙක් යන මිත්‍යාවෙන් මිදෙන්න.මිශ්‍ර ජාන වඩාත් දක්ෂයෝ තනන බව කියන
ඇත්ත මත හිටගන්න.ලෝකයෙන් සතුටු වෙනවා වගෙම ඉගෙනගන්න.
තවත් වසර හතරකට පසුව එන හෝ වෙන ඕනෑම වසරකදී මෙවන් අවසාන තරගයක්
නැරඹිය හැකිද?රූපවාහිනි තිරයක් ඉදිරිපිට සිට හෝ එවන් සජීවී අත්දැකීමක් විඳින්නට
ඉඩ දුන් ආරජෙන්ටිනාවේ මෙසී ප්‍රමුඛ බල ඇණියට ද,ප්‍රංශයේ ම්බාපේ ප්‍රධාන කොටගත්
බල ඇණියට ද හැම ක්‍රීඩා ලෝලියෙක්ම ස්තූතිවන්ත විය යුතුය.ස්තූතියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan