*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

මම පක්ෂ මාරු කළාට ප්‍රතිපත්ති මාරු කරලා නෑ – රාජිත සේනාරත්න

තමන් මැතිවරණ දේශපාලනයේදී පක්ෂ මාරු කළත් ජාතික ගැටලුව, ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තිය මාරු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

“දැන් මේ ලංකාවේ මාධ්‍යවේදීනුත් ඔක්කොම කතා කරන්නෙ පක්ෂ මාරුකිරීම ගැනනෙ. ඔබතුමන්ලා කී සැරයක් කතා කරලා තියෙනවාද මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති මාරුකිරීම ගැන ?

දැන් මගේ ප්‍රතිපත්තිය බලන්න, අසූ ගණන්වල ඉඳලා බෝම්බ කාගෙන ඉඳපු මම ජාතික ප්‍රශ්නය ගැන මගේ විසඳුමෙන් එක තැනකවත් මම වෙනස් වුණාද ? මම ඇයි මහින්ද රාජපක්ෂලාත් එක්ක කැඩෙන්නෙ ? මහින්දගෙයි මගෙයි යාළුකම තියෙන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා. බැසිල් කියන්නෙ මගේ පාසලේ මගේ පන්තියේ ඉඳපු මගේ හොඳම මිත්‍රයා. ඒ කාලෙ හැමදාම හවසට බැසිල් අපේ ගෙදර. බැසිලුයි මමයි තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ ඔක්කොම කළේ. එතකොට බැසිල් කියන්නේ මගේ අමතක නොවෙන චරිතයක්. මොකද කුඩා කල මගේ යාළුවා, දේශපාලනයේ අත්පොත මුලින්ම කියවැව්වේ අපි එකට. ඒ බැසිල්ගේ අයියා විදියට තමයි මහින්ද. මහින්ද මුලින්ම පාර්ලිමේන්තු යන දවසේත් අපේ පන්තියෙ කට්ටියත් එක්ක තමයි ගියේ, නැතුව බෙලිඅත්තෙ කට්ටියත් එක්ක නෙවෙයි. එච්චර ඉඳලාත් මම ඇයි ගැටෙන්නෙ, මම ඇයි එතනින් ඉවත් වෙන්නෙ ? ශ්‍රීලනිප එදා හිටපු අයගෙන් අහන්න, පළවෙනි අර්බුදය තමයි ජාතික ප්‍රශ්නය. අපි පොරොන්දුවක් ගත්තා එයාගෙන් යුද්ධය ඉවර වෙලා මේකෙ සාධාරණ විසඳුමකට එන්න ඕනෙ කියලා. ඒක දෙන්නෙ නැතිවුණාම අපි අයින් වුණා.

ජාතික ප්‍රශ්නයේදී මම කොයි පැත්තේ හිටියත් නොසැලී හිටියා. මට රනිල් වික්‍රමසිංහත් එක්ක දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් එක හේතුව තමයි එයයි මමයි ඒ ගැන එකම දැඩි ස්ථාවරයක ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගෙත් ඒ ප්‍රශ්නයේදී කිසිම ප්‍රශ්නයක් නැහැ.

දෙවැනි එක බලන්නකො. දෙවැනි එක ආර්ථික ප්‍රශ්නය. මම හිටියෙ වමේනෙ. රනිල්ලා හිටියෙ වෙන පිලකනෙ. ඒ ආර්ථිකය එක රටක විතරක් නෙවෙයි මුළු ලෝකෙම කඩා වැටෙනකොට, චීනය වැනි රටවල් විතරක් ධනවාදයට ගමන් කරමින් ඒ දේශපාලන ව්‍යුහය විතරක් තියාගෙන ඒගොල්ලොත් අපි පිළිගත්ත සමාජවාදී ආර්ථිකයෙන් එළියට ගියානෙ. එතකොට අපි නෙවෙයි කාල් මාක්ස් හිටියා නම් කාල් මාක්සුත් දාස් කැපිටාල් එකට අලුතින් වෙළුමක් එකතු කරනවා. මෙහෙ ඉන්න අර පරණ එකම කියාගෙන පුස්කොල කඩකඩා ඉන්න කට්ටිය වගේ නෙවෙයි, ඇත්තටම නිර්මාණශීලී මිනිස්සු ඒගොල්ලො. එතකොට එතනින් ඉවත්වෙලා මම එන්නෙ එහෙමනම් විවෘත ආර්ථිකය කියලා. විවෘත ආර්ථිකයට හොඳම පක්ෂය එජාපය. අනිත් එක වැඩවසම් නැති පක්ෂය එජාපය.

ඊළඟ එක විධායක ජනාධිපති ක්‍රමය. එදාත් මම විරුද්ධයි, අදත් මම විරුද්ධයි. එජාපයේ 2000 වසරේ හම්බන්තොට පැවති සංවත්සරයේදී මම තමයි යෝජනාව ගෙනාවේ විධායකය අහෝසි කරන්න කියලා.

අනික පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය. දැන් මේ මැතිවරණ ක්‍රමය හින්දානෙ මම දිගටම දිනුවෙ. සමහරවිට පරණ ක්‍රමය තිබුණා නම් බේරුවල යූඑන්පී එක පරදිනකොට මම ගෙදර නෙ ? මම දිගටම අවුරුදු 28ක් පාර්ලිමේන්තු ඉඳලා තියෙන්නෙ මේ ජේ ආර්ගෙ මැතිවරණ ක්‍රමයට. නමුත් මම අදත් කියනවා මේ මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතුයි. මේක අහෝසි කරලා පාර්ලිමේන්තු ආසන ක්‍රමයට යන්න ඕනෙ. එහෙම යන මැතිවරණයේදී රාජිත සේනාරත්න පරදින්න පුළුවන්. එහෙම වුණොත් මම අවුරුදු 5ක් ගෙදරට වෙලා ඉන්නවා. අද නම ප්‍රසිද්ධ නැති, සල්ලි නැති හොඳ මනුස්සයෙකුට පාර්ලිමේන්තු එන්න බෑ. ඒක තමයි අරගලයේදීත් කියවුණේ 255ම එපා කියලා. මම ප්‍රතිපත්ති මාරුකරලා නෑ”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ දේශපාලන සංවාදයට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan