ඒ පුංචි කහපාට බෑන්ඩ් එක ….

Date:

ඔව් … 2022 පාපන්දු ලෝක කුසලානේ මතකය. ගොඩක් දේවල් අවසන් වෙයි. කුසලානේ උණුසුම බැහැල යයි. වීදි බැහැපු ප්‍රේක්ෂකයෝ ආපහු ගෙවල්වලට යයි. හදපු ක්‍රීඩාංගන, අට්ටාල, නාමපුවරු ගැලවිලා යයි. නැත්නම් ගලවල දායි.

හැබැයි මට අනුව එකක් ඉතිරිවෙනවා. එකම එකක්. ඒක ඉතිරිවෙන්න ඕනි. හෝ ඉතිරිකරගන්න ඕනි. ඒ තමයි මෙසී දුන්න ඒ ලස්සන පණිවුඩය.

පෙප්සි, කොකාකෝලා විශ්වයක මුළු ලෝකයක් ඒක දැක්ක. ආජන්ටිනාව කුසලානේ දිනුව නිසා ඒක වඩාත් කැපිල පෙනුණ. ඉනුත් විශේෂෙන් මෙසී අතේ තිබ්බ නිසා වඩාත් ලෝකයට නිරාවරණය උණා. ඒ පුංචි කහපාට බෑන්ඩ් එක.

අධ්‍යාපනය හැමටම …Education for All…කියල ඒකෙ ලියවිලා තිබ්බ.

වමේ පණිවිඩයක්. ප්‍රගතිශීලි පණිවිඩයක්. නූතනබවේ අනභිභවනීය පණිවිඩයක්. සමාජයේ ප්‍රගමණය, පුද්ගල ප්‍රගමණය, උසස් සමාජයක් (higher moderniy) වෙත ගමන්කිරීම වෙනුවෙන් අත්‍යවශ්‍ය කොන්දේසියක්.

ගැහැණු , පිරිමි, සංක්‍රාන්ති එකී මෙකී නොකී සැවොම වෙනුවෙන් ඒ හැමෝගෙම අනාගතය වෙනුවෙන් විශ්වීය පණිවිඩියක්.

මොනවාහරි හේතු නිසා ආර්ථිකය බංකොලොත් උනාට මිනිස්සුන්ගේ අධ්‍යාත්මය තවමත් බංකොලොත් නැහැ කියන්න අපූරු සදාතනික පණිවිඩියක්.

ඒ අධ්‍යාත්මය ඇති ආයෙත් නැගිටින්න.

හැමෝම ඉගෙනගන්න, හැමෝටම ඒ ඉගෙනීම වෙනුවෙන් සමාන අවස්ථාවක් දෙන්න..

ආදරෙයි ආජන්ටිනාව …ආදරෙයි මෙසී නුඹට….

අපි හදවතින්ම ගන්නවා ඒ පණිවිඩය !

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...