වාණිජ බැංකුවල පොලී අනුපාතය ඉහළට..

රජයට අයත් වාණිජ බැංකු මේ වන විට නිකුත් කර ඇති ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාතය ඉහළ දමා තිබේ.

ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් පාරිභෝගිකයන් දැනුවත් කිරීමට රාජ්‍ය බැංකු කිහිපයක් පියවර ගෙන තිබුණි.

පාරිභෝගිකයන්ගේ ණය පහසුකම් සඳහා වන පොලී අනුපාත 15% ක් දක්වා ඉහළ දමා ඇතැයි ප්‍රධාන රාජ්‍ය බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව කෙටි පණිවිඩයක් මගින් පාරිභෝගිකයන්ට දන්වා තිබූ අතර ඒ දෙසැම්බර් මස 20 වැනිදා සිට අදාළ පොලී වැඩිවීම සිදුවන බව පවසමිනි.

මේ පිළිබඳව විමසා බැලීමේදී අනාවරණය වූයේ, ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා ද මෙම පොලී වැඩිවීම අදාළ බවයි.

ඒ අනුව වසර දෙකකට අඩු ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාගෙන ඇති ණය සඳහා පොලී අනුපාත 3% කින් ඉහළ දමා තිබේ.

ඊට වැඩි කාලයක් පැරණි ණය පහසුකම් සඳහා පොලී අනුපාත 15% ක් වනු ඇති.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...