ඇල්පිටියේ වෙඩි තැබීමක් !

0
245

ගාල්ල, ඇල්පිටිය, යක්කටුව ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

RN