නේපාල සටනේ වීරයා නවීන්

Date:

බංගලාදේශයේ සහීඩ් ෂුර්වාහිඩ් ජාතික ගෘහස්ත ක්‍රිඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින මධයම ආසියානු අවුරුදු 23 න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා නේපාලය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වට 3-0 ක ජයක් හිමි කර ගත්හ.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෙන් වූ ක්‍රීඩකයා වෙමින් නවීන් කෞශල්‍යය තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සේ ඇගයීමට පාත්‍ර විය.
තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකාවට ප1බල අභියෝගයක් එල්ල කරමින් ජයග්‍රහණය පේන මානයටම නේපාලය පිවිසුන ද අවසාන ප්‍රතිපලය වූයේ ලකුණු 26 – 24 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වීමය.දෙවන සහ තෙවන වටවලදී ශ්‍රී ලංකාවට එතරම් අපහසුවක් නොදැණුන අතර ලකුණු තත්ත්වය 25 – 18 ක් සහ 25 – 17 ක් ලෙස එම වට දෙක ජය ගැනීමට හැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩක සුජිත් තිලංක විශාල අවධානයක් දිනා ඇති ක්‍රීඩකයා වන අතර තරගාවලියේ ලාබාලතම ක්‍රීඩකයා වන ඔහුගේ ක්‍රීඩා රටාව නිබඳවම විචාරකයන්ගේ පැසසුමට ලක් වේ.
මේ අතර සත්කාරක බංගලාදේශය කිර්ගිස්තානය හමුවේ වට 3-1 ක ජයක් ලබා ගත් අතර සත්කාරකයන් ලෙස ඔවුන් ක්‍රීඩකයින් පමණක් නොව තවත් පිරිසක් එම කුසලානය බංගලාදේශයේ රඳවා ගැනීමට සූදානම් කර තිබේදැයි සැක සිතෙන ආකාරයට එම තරගය සිඳු විය.තීරණ සම්බන්ධයෙන් විශාල ගැටළු ගණනක් ඇති වූ මෙම තරගයේදී කහ කාඩ් අවවාදයන්ද කිර්ගිස්තාන් ක්‍රීඩකයන්ට එරෙහිව ක්‍රියාත්මක වනු දකින්නට ලැබිණ.අද ඒ පීඩනයට මුහුණ දෙන්න වෙන්නේ ශ්‍රී ලංකාවටය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...