කෝටි 18 ක ශරීර ඇප බැන්දත් බන්ධනාගාරයෙන් පිට වෙන්න ප්‍රියමාලිට වරම් නෑ?

ආයෝජන සඳහායැයි කියමින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා ලැබි තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු නවයක් සඳහා ඇප තැන්පත් කළද බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිත කළ බවට කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩුවක් පැවතීම හේතුවෙන් බන්ධනාගාරයෙන් පිටව යෑමට අවසර නොලැබිණි.

ඊයේ (23) සවස් වරුවේ ඇයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු නවය සඳහා මුදල් රුපියල් ලක්ෂ හතර හමාරක්, රුපියල් මිලියන 180ක ශරීර ඇප තැන්පත් කිරීම සිදු කෙරිණි.

තිළිණි ප්‍රියමාලිගේ ස්වාමිපුරුෂයා, මව, පියා, සහෝදරයන් දෙදෙනකු ඇතුළු හිතවතුන් පිරිසක් විසින් රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 18ක් නඩු නවය සදහා අධිකරණ හමුවේ තැන්පත් කරනු ලැබීය. ඇපකරුවන්ගේ ආදායම් සහතික වත්කම් සහතිකද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි.

හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ඇතුළු මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් රැසකගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කර අගරු චෙක්පතක් දුන් බවට ඇයට එරෙහිව ලැබුණු පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...