අධික වැසි සහිත කාලගුණය නිසා දැඩි පීඩා……

Date:

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 1600කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ,එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 109කට අර්ධ හානි වී ඇති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ,අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ 15 ක් වාන් දමමින් ඇති බවයි.

ඔහු ප්‍රකාශ කළේ, දැදුරු ඔය ගංවතුර තත්ත්වය පහළ යමින් ඇති බවයි.

අද(26) උදෑසන වනවිට ගේට්ටු 06ක් අඩි 04 බැගින් විවෘත කර තිබූ අතර අනෙක් ගේට්ටු 02 විවෘත කර තිබෙන්නේ අඩි 05 බැගිනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කලමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පුත්තලම හා හලාවත ජනතාව දැඩිව විමසිලිමත් වන ලෙසයි.

මේ අතර දිස්ත්‍රික්ක හතරකට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මකය.

එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළියයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ,එම දිස්ත්‍රික්කවල ජනතාව කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරළීම් හා පොළව ගිලා බැසීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...