බංගලාදේශය කිරුළ පැහැර ගනියි – තෙවන තැන ශ්‍රී ලංකාවට

Date:

ක්‍රීඩාවකදි හිමි ජයග්‍රහණයක් අයථා විදිහට හෝ සැක සහික විදිහට අහිමි වෙද්දී දැනෙන්නේ එය හිමි දෙයක් පැහැර ගැනීමක් හැටියට ය.ඇහැරි මනසින් එය හිමිකර ගැනීමක් හැටියට දකින්නට අපහසුය.මධ්්‍යම ආසියානු අවුරුදු 23 න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය නිමා වුණේ සත්කාරක බංගලාදේශය සම්බන්ධයෙන් එවැනි කළු පැල්ලමක් මනසේ අඳිමින්ය.
අපැහැදිළි තීරණ ගණනාවකින් ජයග්‍රහණයෙන් අත් කර ගත් කීර්තියට වඩා විශාල අපකීර්තියක් බංගලාදේශය අත් කර ගත් අතර ශ්‍රී ලංකා අවුරුදු 23 න් පහ කණ්ඩායමට එරෙහිව තරගය වට 3- 2 ක් සේ බංගලාදේශය පරාජය වීමට යාමේදී,තීරණාත්මක පස්වන වටයේදී විනාඩි 15 ක පමණ කාලයක් තරගය නවතාගෙන ක්‍රීඩකයින්ගේ පෙළගැස්ම වැරදි බවට තීරණය කරමින් ශ්‍රී ලංකාව ලබා සිටි ලකුණු 2 – ක් අඩු කරන්නට කටයුතු කිරීමත්,එම ලකුණු 2 බංගලාදේශයට එකතු කර ඒ වන විට ලකුණු 2 ක් පිටුපසින් සිටි බංගලාදේශ කණ්ඩායමට එක ලකුණකින් පෙරට එන්නට පාර සැකසීමත් නිහීන ක්‍රියාවකි.ලකුණු සටහන් කිරීම නිවැරදිව සිඳුව තිබුණේනම් එය එකවර පැහැදිළි කරන්නට හැකියාව තිබිය යුතුය.නමුත් අවසානයේ සිඳු වූයේ වටේම එකතු වී ලකුණු සටහන් කරන්නා නිවැරදියි කියන්නට කරුණු සකසා ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කිරීමය.
මේ පෑරිම එක දිගටම ශ්‍රී ලංකාවට බල පෑ අතර එම තරගය පරාජය වූයේ ලකුණු 16 – 25,25 – 22,25 – 23,13 – 25 සහ 13 – 15 ක් සේ ය.මින් පසුව කිර්ගිස්ථානය හමුවේ වට 3 – 0 ක් ලෙස ද ශ්‍රී ලංකාවට පරාජය භාර ගන්නට සිදු විය.එහිදී ලකුණු තත්ත්වය 27-27,21 – 25 සහ 20 – 25 සේ දිස්විය.ශ්‍රී ලංකාව පළමු මුණ ගැසීමේදී ඉතා පහසුවෙන් පරාජය කළ නේපාලය නැවත හමුවේදී බලාපොරොත්තු රහිත තර්ජනයක් එල්ල කළේ තරගය වට පහක් දකවා දිගු කරමින්ය.එහි ලකුණු සටහන 25 – 16,22 – 25,23-25,25 – 13 සහ 15 – 13 ක් විය.ඒ තරගයෙන් ජය ගත් ශ්‍රී ලංකාව තරගාවලියේ තෙවැන්නෝ වූහ.
බංගලාදේශය කරන ලද ක්‍රියාවන් හි අපකීර්තිය මෙන්ම ශ්‍රී ලංකාව අඛණ්ඩව දක්ෂතා රැක ගැනීමේ දුබලතාවයකින් පෙළෙන බව ද අපි පිළිගත යුතු වන්නෙමු.ඒ දුර්වලතාවය නිසා ශ්‍රී ලංකාවට තෙවන තැන ද බේරා ගන්නට ලැබුණේ නූලෙන් බව ද,මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වරදක් සහ දුර්වලතාවයක් බව ද අවබෝධ කර ගත යුතුය.
කිර්ගිස්තාන ක්‍රීඩකයින් අවසාන තරගයට අවසාන තරගයක ස්වරූපයක් දෙන්නට ගත හැකි සෑම උත්සාහයක්ම ගත්හ.බංගලාදේශ ක්‍රීඩකයෝ ද අදක්ෂයෝ නොවෙති.ඔවුන්ගේ දස්කම් පමණක් විශ්වාසයට නොගෙන ක්‍රීඩා කරන තැන් මතුවන්නේ තවත් පිරිසක් ද ජයග්‍රහණයට අත්වැල් අල්ලන්නට පිටියෙන් පිටත සිටින බව දැණුන විටය.එය දක්ෂයන්ට කරන අවමානයකි.
අවසන් තර්ගය සියලු බාධක මැද තරග වට 5 ක් දක්වා රැගෙන ගොස් වට 3-2 ක් සේ ජයග්‍රහණය ලැබීම දක්වා බංගලාදේශය කිරුළට ළඟා වීම පමා කරන්නටකිර්ගිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 1000 ක් සමඟ තෙවන ස්ථානයට හිමි කුසලානය හිමි විය.අනු සූර කිර්ගිස්තානයට ඩොලර් 1500 ක් සමඟ අනු සූරතා කුසලානය හිමි වූ අතර ඩොලර් 2000 ක් සහ සූරතා කුසලානය තමන් සතු කර ගන්නට බංගලාදේශය සියුලු ඉම් සකසා ගෙන සිටියේය.
ක්‍රීඩක පෞද්ගලික දක්ෂතා ඇගයීමේදී කවිශ්ක මධුශංකගේ ප්‍රහාරය ද ඇගයීමට ලක් වීම අගය කළ යුතුය.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගිලන් හදවතට අස්වැසිල්ලක් වූ සුව අරණෙහි වසර දෙකක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...