රටේ ඉන්ධන ඉල්ලුම කැපී පෙනෙන ප්‍රතිශතයකින් අඩුවේ…

Date:

රටේ ඉන්ධන ඉල්ලුම කැපී පෙනෙන ප්‍රතිශතයකින් අඩුවී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේ පළමු කාර්තුවේ ඉන්ධන ඉල්ලුමට සාපේක්ෂව සියයට 50කින් පමණ වසර අග වන විට ඉන්ධන ඉල්ලුම අඩු වී ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ආර්ථික අර්බුදය, පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ යාම, QR ක්‍රමවේදයට අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම සහ ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට පාරිභෝගිකයික් කටයුතු නොකිරීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් ඉන්ධන ඉල්ලුම අඩුවී තිබේ.

මීට පෙර එක් මසකට පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක පමණ ඉල්ලුමක් පැවැති අතර මේ වන විට එය මෙට්‍රික් ටොන් 2,000ක් දක්වා අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයා පැවසුවේය.

පසුගිය මාර්තු සිට ජූලි දක්වා මාස 4ක කාලය තුළ දෛනික ඩීසල් පරිභෝජනය ටොන් 6,496 සිට 2,299 දක්වා සහ පෙට්‍රල් පරිභෝජනය ටොන් 3,764 සිට 1,226ක් දක්වා පහත වැටී තිබේ.

ඊට සාපේක්ෂව වසර අගවන විට එම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරමින් රටේ ඉන්ධන ඉල්ලුම තවදුරටත් පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ද සැලකිය යුතු මට්ටමින් මේ වන විට පහළ ගොස් තිබේ.

අදාළ ඉන්ධන මිල පහළ යාමට සාපෙක්ෂව මෙරට ඉන්ධන ලීටරයක මිල රුපියල් 50ත් 100ත් අතර මුදලකින් අඩුකිරීමේ හැකියාවක් ද පවතින බව සඳහන්ය.

ඒ පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, මෙරට ඉන්ධන මිල තීරණය වන්නේ මිල සුත්‍රයට අනුගතව වන බැවින් ඉන්ධන මිල සංශෝධනයක් සිදුකිරීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

රෂිකා හෙන්නාය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...