අ‘පුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්…

Date:

අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 5 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන නැමති අයෙකි. ඇය අනුරාධපුර ඇලයාපත්කුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

මෙම සැකකාරියට විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබ තිබිණ. ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...