ගිලන් වූ සිරකරුවන්ට බන්ධනාගාර ඇමතිගෙන් සහනයක්

Date:

දැඩි රෝගාබාධවලට ලක්වූවන්, වයස් ගත වූවන් හා වෙනත් ආබාධවලින් පෙළෙන රැඳවූවන් හඳුනා ගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරනු ලබන විශේෂඥ කමිටු නිර්දේශ මත නිදහස් කිරීමට සැලසුම් සකස් කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එළඹෙන නිදහස් දිනය වන විට විශේෂ ජනාධිපති සමාව යටතේ මෙවැනි සිරකරුවන් නිදහස් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ ඇමැතිවරයා කියයි.

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, සිරකරුවන් පුනරුත්ථාපනය සහ යහපත් පුරවැසියන් ලෙස යළි සමාජගත කිරීමේ අභියෝගය ද සැලකිල්ලට ගෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි. මේ යටතේ, සමාජ අපරාධ අවම කරමින් කාර්යක්ෂම බන්ධනාගාර පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා දැනට පවතින යල් පැන ගිය නීති සහ රෙගුලාසි සංශෝධනය කළ යුතු බවද ඇමැතිවරයා පවසයි.

දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ දඬුවම් ලැබූ සිරකරුවන් 10,200කට අධික පිරිසක් සිටින අතර 16,000කට අධික පිරිසක් විවිධ සුළු අපරාධ හා වැරදි යටතේ රිමාන්ඩ් සිරකරුවන් ලෙස රැඳවුම් නියෝග ලැබ තිබේ.

බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ඊයේ (27) පැවැති සිර සර ශිල්ප ප්‍රදර්ශනයට එක් වෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...