මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 07 වෙනි දින ඉදිරිපත්කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බද්දට විරෝධය පළකරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව ඊයේ (18) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට ඒකාබද්ධ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
එම නව බදු පනත හරහා මෙතෙක් කාලයක් බදු ආදයම එකතු කළ උක්ත දෙපාර්තමේන්තු තුනම ඉවත් කර මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් යටතට පත් කර ඇත.
මෙතෙක් කාලයක් බදු ආදායම් භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදලට බැර වූ අතර නව බදු පනත හරහා එය පත්කරන ලද නිලධාරියාගේ පෞද්ගලික නමින් වන ගිණුමකට එම ආදායම් යොමුවන බවයි වෘත්තීය සමිති පෙන්වාදෙන්නේ.
විනිවිදභාවයකින් තොර මෙම නව බදු පනත හකුළා ගන්න ලෙසයි වෘත්තීය සමිති බලකර සිටියේ.
ASK