*
Friday, October 18, 2024
spot_img

Latest Posts

Lucky වුණ පාසල් hockey

16 න් පහළ තරගාවලිය දඹුල්ලෙදි නිමා කරයි.
නොකිරීම,ඊට සාධාරණ හේතු දැක්වීම ක්‍රීඩා තරග සංවිධානයේදී පසුගිය කාලයේදි බෙහෙවින් ඇහෙන්නට විය.සමහර සංවිධානය වූ ඒවායේද ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජයග්‍රහණයේදී සහතික ඇත,පදක්කම් නැත.එසේත් නැතිනම් පදක්කම් ඇත.සහතික නැත.හැබැයි පිරිවර පුරවා රස බලන්නට කරන සංග්‍රහ,විනෝදාත්මක අංග බොහෝ ය.
එවන් වටපිටාවක පාසල් හොකී සම්මේලනය තමන්ට සංවිධානය කරන්නට පැවරුණු සියලු වයස් ඛාණ්ඩවල හොකී තරග සංවිධානය කරේ ජාතික හොකී සම්මේලනය ද ඔවුන්ට නියමිත ඉසව්වලින් එකක් පමණක් සංවිධානය කරන්නට සමත් වෙද්දීය.සංවිධානය කළ ඉසව්වල යම් යම් අඩු පාඩු තිබිණ.උදාහරණයකට අවසන් වරට සංවිධානය වූ අවුරුදු 16 න් පහළ හොකී තරග සඳහා යොදා ගත් ක්‍රීඩා පිටි ඊට 100% සුදුසුදැයි තරග කමිටුව උථ්තර බැඳිය යුතුය.එහෙත් බැහැ යි නොකරන සහ දක්ෂයන්ට හරි සැළකිල්ල නොදැක්වෙන වටපිටාවක පාසල් හොකී සංගමය කළ දේ යහපත්ය.
දක්ෂයන්ට සහතික සහ පදක්කම් පිරිනැමීමට හැකි සේ අනුග්‍රාහකයන් සොයා ගැනීම ම මෙවැනි වටපිටාවක අභියෝගයක් ය.නමුත් පාසල් සංගමය ඒ ඉලක්කය ද සපුරා ගෙන ජයග්‍රාහකයන්ගේ ජයග්‍රාහී සිනාවන්ට අසාධාරණයක් නොකරන්න අවශ්‍යය පියවර ගත්තේය.පාසල් හොකී සංගමයට අයත් පාසල් ද ඊට සහය දැක්වීය.වසරේ අන්තිම ඉමේ සංවිධානය වූ අවුරුදු 16 න් පහළ තරගාවලිය සඳහා දඹුලු පැමිණීමට රටේ හොකී ක්‍රීඩාව ඇති පාසල් පසුබට නොවීය.
එසේම අලුත් පාසල්වල පිවිසුමක් දකින්නට තිබිණ.ඊට බොහෝ විට සුනිල් ජයවීරයන්ගේ සංකල්පයක් අනුව බඳවාගත් ක්‍රීඩා පුහුණුකරුවන් අතර හොකී ක්‍රීඩා කළ අය සිටීම බලපාන්නට ඇත.පාසල් හොකී සංගමය කරන ලද තරගවල ආරාධිතයන්ට ක්‍රීඩක කොඳු නමා, දණ ගස්වා වැඳ පිළිගන්නට ඉඩක් නොතිබ්බානම් එයත් යහපත්ය.සරලවම වැදීම පවතින්නේ කැමත්ත සහ ගෞරවය මතය.ඒ නිසා එන කුමන ආරාධිතයාට වුව ගෞරවය හෝ කැමත්ත ඇති වන්නට හේතුවක් සබඳතාවයක් නැතුව ප්‍රභූත්වය සළකා වඳින්නට පෙළඹවීම නුසුදුසුය.ප්‍රභූත්වය යනු ද එක එක පුද්ගලයාගේ ආකල්පවලට සාපේක්ෂ දෙයක් නිසා මේ වැදීම් බලහත්කාරයෙන් කරන පෙළඹවීම්ය. නමුත් ක්‍රීඩාවට වන්දනීය වටිනාකමක් දෙමින් සිය ජාතික සංගමය ද නොගිය දුරක් යමින් ගෙවුණු වසර තමන් නියෝජනය කරන ක්‍රීඩාවට ඉහළම සාධාරණයක් කරන්නට පාසල් හොකී සංගමයට හැකි වීම එවැනි සම්ප්‍රදායෙන් පැන වූ දණ්ඩන මැද්දේ වුව ද,ඉහළින් අගය කළ යුතුය.
අප දන්නා පරිදි සමහර පාසල් සිය වත්කම් අනුව ඒ ඒ ක්‍රීඩා සඳහා විශේෂ පුහුණුකරුවන්ට ගෙවීම් කර පුහුණුවට කැදවා ගන්නා අතර මෙවර එවැනි පාසල් හොකී පුහුණුකරුවන්ට තරගාවලි පැවත්වීම නිසා සිය වෘත්තියට සාධාරණයක් ද ඉටු විය.විශේෂයෙන් වසංගත සමයෙන් පසුව වෘත්තීයමය වශයෙන් ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටි ක්‍රීඩා පුහුණුකරුවන්ට මේ ආකාරයට ස්ථාවර තත්ත්වයක් ඇති කිරීමටද ඒ අනුව පාසල් හොකී සංගමය සමත්වීම අපට සෘජුව නොපෙනෙන තත්ත්වයක්ය.
නමුත් මේ දක්ෂයන්ට සිය හොකී සිහින සමඟ ජාතික සහ ජාත්‍යන්තර ඉලක්ක කරා පිවිසෙන්නට තියෙන ඉඩ මේ වසර පුරා සම්පූර්ණයෙන් විවර නොවීම ඛේදවාචකයක්ය.පාසල් සංගමයට ද දිරියක් වෙමින් වැඩ කළ යුතු ජාතික සංගමය මේ වසරේ පවත්වා ඇත්තේ තමන්ට සංවිධානය කරන්නට පැවරී තිබෙන ජ්‍යෙෂ්ඨ පිරිමි තරගාවලියම පමණක්ය.පාසල්වලට පත් වූ අලුත් ක්‍රීඩා පුහුණුකරුවන් අතර සිටින හොකී අත්දැකීම් ඇති අය ද සහභාගි කරවාගෙන රටේ හොකී ක්‍රිඩාව ඉහළ නැංවීමට ජාතික සංගම්වලට අවස්ථාව ඇතත්,ඔවුන්ගේ අදහස එච්චර පුළුල් නැත.තමන්ට හිතවත් කෙනෙක් කුමන හෝ දිස්ත්‍රික්කයක ඡන්දය ලබා ගැනීමට හැකි පුටුවක ඉන්දවා,ජාතික ක්‍රීඩා උළෙලට කණ්ඩායමක් අටවා හොකී තියෙන බව පෙන්වීමටය.සමහර විට ඒ දිස්ත්‍රික්කයන් හී පිට්ටනියක හොකී බෝලයක්වත් පෙරැලී නැතත් නමට කණ්ඩායම් ගෙන ඡන්දය රැක ගැනීමට වැඩ කටයුතු සැකසෙයි.
මෙවැනි අවුල් සහගත පසුබිමක, රටත් අවුල් තත්ත්වයක තිබියදී,පාසල් හොකී සංගමය සියලු තරග නිමා කරන සේ මෙහෙයවන්නට එම සංගමයේ ලේකම්වරයා හැටියට අනුරුද්ධ හේරත් බණ්ඩාරට නායකත්වය ගෙන කටයුතු කරන්න සභාපතිණිය මෙන්ම සෙසු සියලු නිලධාරි මඬුල්ල එකාවන්ව දැක් වූ සහයෝගය ද ආදර්ශවත්ය. ඒ එකමුතු කමේ සහ එකඟතාවයන්ගේ ශක්තියෙන් පාසල් හොකි සංගමය අවසාන වරට දඹුල්ලේ පැවත් වූ අවුරුදු 16 න් පහළ හොකී තරගාවලියේ බාලිකා සූරතාවය දෙපිළක් අතර බෙදිණි.ඒ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාව සහ කොළඹ මියුසියස් විද්‍යාලය අතර ය.බාලක සූරතාවය ද සමව බෙදිණ.එය බෙදී ගියේ මාතලේ සහිරා විද්‍යාලයට සහ බදුල්ල ධර්මදූත විද්‍යාලයටය.
ඉදිරියට පැමිණි කණ්ඩායම් අතර පළඟ,බඳුන සහ පළිහ සූරතා ද බෙදී යන සේ සැකසි මෙවර තරගාවලියේ බාලක අංශයේ පළඟ සූරතාවය දිනා ගත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ හින්දු විද්‍යාලය සම සමවය.ලකුණු තත්ත්වය 01 – 01 විය.මෙහිදී බාලක කුසලානය සහ පළඟ සූරතාවය දක්වා සළකා බලද්දී විවිධාකාර සංස්කෘතික නියෝජනයන් හොකී හී දක්වා ඇති ප්‍රවීනත්වයද කදිමට පැහැදිළිය.විවිධ ආගමික සහ ජාතික අනන්‍යතා සහිත පාසල් මේ එම කණ්ඩායම් හතර අතර රැදීම එකට එකතු කර පෙරට ගෙන යා යුතු ජාතිකත්වයේ වටිනාකම ක්‍රීඩාවෙන් කියවාගත හැකි ගෞරවණිය නිදසුනක්ය.
බාලක බඳුන සූරතාවයේ දී මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසල සූරතාවය දිනා ගත්තේ මාතලේ ඇල්වල මහා විද්‍යාලය 05 – 03 ක් ලෙස පරාජයට පත් කරමින්ය.පළිහ සූරතාවයේදී බාලක අංශයේ සූරයින් වන්නට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හැකි විය.ඔවුන් අතින් 01 – 00 සේ පරාජයට පත් වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය කණ්ඩායමය.
බාලිකා පළඟ සූරතාවය මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලීය කණ්ඩායම දිනා ගත්තේය.ඔවුන් 01 – 00 ක් ලෙස පානදුර බාලිකා මහ විදුහල පරාජයට පත් කළේය.දඹුල්ල ජාතික පාසල ගෝල 04 – 03 ක් සේ පරාජයට පත් කළ කොළඹ විශාඛාවෝ බඳුන සූරියෝ වූහ.පලිහ සූරතාවයේදී මහනුවර උසස් බාලිකා කඛ්නඩායම වේරගම සිරි සීවලි විද්‍යාලීය කණ්ඩායම පරාජයට පත් කළේය.එහිදී ලකුණු තත්ත්වය වාර්තා වූයේ ගෝල 01 – 00 ක් සේ ය.
ප්‍රමුඛ පෙළ බාලක සහ බාලිකා තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක කරන ලද දෙවන පෙළ තරග මාලාවේ බාලක ශූරතාව තහවුරු කර ගැනීමට මාතලේ තැන්න මහා විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. එකී අනු ශූරතාව කෑගලු විදුහල සතු වූ අතර වේරගම සිරි සීවලි විදුහල ට තෙවන තැන හිමි විය.
බාලිකා කුසලානයේදී සහ බාලක කුසලානයේදී සම සූරතා ගත් කණ්ඩායම්වල නායකයින් තමන්ට හිමි කුසලානය ලබා ගන්නා අවස්ථාවන් සහ ක්‍රීඩකයින් ආරාධිතයින් පිළිගන්නට වඳින අවස්ථාවද ඡායාරූපවලින් දැක් වේ.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan