පාස්කු ප්‍රහාරය : පූජිත්ට එරෙහි නඩුවේ සාක්ෂිවල දෝෂ. විනිසුරු මඬුල්ලෙන් දැඩි ප්‍රතිචාර

Date:

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පැමිණිලි පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබුණු ලේඛනවල දෝෂ ගණනාවක් ඊයේ (19) අධිකරණය හමුවේ අනාවරණය විය.

පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් ලකුණු කර තිබුණු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමුකර තිබුණු බුද්ධි වාර්තා ලේඛන 38කට අදාළ මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස්පතිවරයාට ලැබෙන බුද්ධි වාර්තා පවත්වාගෙන යාමේ අංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න මහතාව ඊයේ අධිකරණය හමුවට කැඳවා තිබිණි.

එහිදී තමන් විසින් සාක්ෂි වශයෙන් ලකුණු කරන ලද ලේඛන අතරින් ලේඛන 6ක මුල් පිටපත් නොමැති බවත් එක් ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු රැගෙනවිත් නොමැති බවත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ මුල් ලේඛන ලකුණු කිරීම සාක්ෂිකරු මාර්ගයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ඇතැම් ලේඛන අසම්පූර්ණ බවත් එකිනෙකට පරස්පර ලේඛන පවතින බවත් අධිකරණයට නිරීක්ෂණය විය.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජික, ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ යම් විමර්ශනයක් සිදුකළ විට ඊට අදාළ සම්පූර්ණ වාර්තා අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමට පොලිසිය ක්‍රි යාකළයුතු බවයි. මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් සටහන් කර ඇති ඇතැම් ලේඛන සහ මුල් ලේඛන අතර වෙනස්කම් පවතින බව පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි දේවලින් සිදුවන්නේ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීම බවත් අවධාරණය කළේය.

එමෙන්ම පැමිණිලි පාර්ශ්වය ගොනුකර තිබුණු ලේඛන පරීක්ෂා කළ සභාපති විනිසුරු නාමල් බලල්ලේ මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ පැමිණිලි පාර්ශ්වය මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබුණු බවයි.

ඉන් පසුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ලේඛන 31ක් අධිකරණය හමුවේ ලකුණු කරනු ලැබූ අතර හරස් ප්‍රශ්න විමසීමේදී, මෙම ලේඛන 31 අතරින් බහුතරයක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පූජිත් ජයසුන්දර මහතා විසින් සටහන් යොදා ඇති බව සාක්ෂිකරු පිළිගත්තේය.

එසේම එම බුද්ධි වාර්තා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, වයඹ හා සබරගමු ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත අදාළ සටහන් යොදා පූජිත් ජයසුන්දර මහතා විසින් යොමුකර තිබුණු බවත් සාක්ෂිකරු පිළිගත් අතර පැමිණිල්ල ගොනු කළ බුද්ධි වාර්තා ලේඛන අතරින් 21ක් සම්බන්ධයෙන් මෙසේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු සටහන් යොදා තිබුණු බවත් අධිකරණය හමුවේ අනාවරණය විය.

නඩු විභාගය අදත් (20) පැවැත්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...