කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් – සජිත් (VIDEO)

Date:

බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමාජයට යුතුකම් සහ වගකීම් ඉටුකරන බොහෝ තැන්වල කාන්තා හිංසනය වැඩිවී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, කාන්තා හිංසනයට එරෙහිව නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන බරක් අර දරාගෙන සිටින්නේ කාන්තාවන් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් බවත් පෙන්වා දුන්නේය.

පැෆරල් සංවිධානය මගින් කාන්තා නියෝජනය දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ “වෙනසකට මගක්” සම්මන්ත්‍රණය ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...