කාබනික පොහොර පමණක් භාවිතයෙන් පාරම්පරික වී වවන රඹෑවේ ගොවියෝ (VIDEO)

Date:

කාබනික වී වගාවේදී දේශීය වී වර්ග වගා කර උපරිම හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකි බව අනුරාධපුර ගොවියෝ සඳහන් කරති. අනුරාධපුර, රඹෑව, ගල්කුලම, දේවහූව ප්‍රදේශවල මහ කන්නයේ කාබනික වී වගාව නීරික්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශවල කරන ලද සංචාරයකදී ගොවියන් මේ බව සඳහන් කළහ.

“දෙමුහුන් වී කියලා අපිට හඳුන්වලා දීලා තියෙන්නේ රසායනික පොහොරවලට පමණක් ඔරොත්තු දෙන වී වර්ග. අපි ඒවට කියන්නෙ සුද්දාගේ වී කියලයි. ඒවාට කාබනික පොහොර කොපමණ යෙදුවත් අස්වැන්න සරු කර ගන්න අමාරුයි. ඒ වී වර්ග වගා කරලා තමයි ගොවියෝ දැන් වී වගාව අසාර්ථකයි කියලා කෑ ගහන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපලවල මේ වී වර්ග අත්හදා බලන්නෙත් රසායනික පොහොර යොදාගෙන. ඒ නිසා ඔය දෙමුහුන් වී වර්ගවලට රසායනික පොහොර ඕනෑමයි. ජනාධිපතිවරයා කාබනික පොහොර යොදා වී වගා කරන්න ගත්තු තීරණය ඉතා වටිනවා. දේශීය වී වර්ග කාබනික පොහොර යොදා වගා කරලා ඉහළ ආදායමක් ලබන්න පුළුවන්. අස්වැන්න ටිකක් අඩු වුණත් වී කිලෝව රුපියල් 90 – 100 විකුණා ගන්න පුළුවන්” යැයි අනුරාධපුර රඹෑව ජයවර්ධන කුමාරසිංහ ගොවි මහතා සඳහන් කරයි.

රඹෑව සදමල්ගමයායේ අක්කර දහයක පමණ දේශීය වී වර්ග හයක් පමණ වගා කර ඇති ජයරත්න කුමාරසිංහ මහතා එම වගාවෙන් ඉහළ අස්වැන්නක ලබන බව අනාවරණය විය. දිවයිනේ දේශීය වී වර්ග වගා කරන ගොවීන්ට දේශීය වී වල බිත්තර වී සපයා දෙන කුමාර මහතා සතුව දේශීය වී වර්ග විසිපහක පමණ බීජ ගබඩා කරගෙන තිබෙන බවද සඳහන් කළේය. මෙම මහ කන්නයේ වගා කළ සුවඳැල් වී වගාවේ අස්වැන්න නෙලාගෙන ඒවා වියලා සකස් කරන අයුරු ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් විය.

#DGI

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...