*
Monday, October 14, 2024
spot_img

Latest Posts

ශම්මිගේ Y වාර්තාවේ හිල්

සරෝජනී කුසලා වීරවර්ධන විශ්‍රාමික විනිසුරුවරියගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් ඇති වූ විවිධ චෝදනා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තාව ලබා දී ඇත.එය කියවා බැලිමේදී ක්‍රිකට් ආයතන සභාපතිවරයා ලබා දි ඇති,කමිටුව විසින් Y සේ නම් කරන ලද ලියවිල්ලේ සඳහන් බොහෝ කරුණු සාවද්‍ය බව සටහන් කර තිබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඥාති මාමා කෙනෙක් වන ජෙරොම් ජයරත්න පිළිබඳව ඔහුගේ තනතුරු සම්බන්ධයෙන්ම කර ඇති ප්‍රකාශ මෙහිදී සාවද්‍ය බව කමිටු වාර්තාවේ දක්වා ඇත.එසේම යම් වියදම් සම්බන්ධයෙන්,ගිය ප්‍රභූන් තරග නැරඹූ දින සම්බන්ධයෙන් වන වාර්තාවල ද දෝෂ සහිත බව කමිටුව හඳුනාගෙන ඇත.ඒ නිසාම ස්වාධින විගණනයක් පිළිබඳව මෙන්ම ලියවිලි වෙනස් කරන්නට නොහැකි පරිදි ආරක්ෂාවක් ඇති කිරීම ගැන ද මෙහිදී කමිටු වාර්තාව පෙන්වා දි ඇත.
මෙහිදී සාක්ෂි ලබා ගත් පුද්ගලයන්ගේ කරුණුවල ඇති පරස්පර කරුණු ගැන ඔවුන් සිය වාර්තාවේ දක්වා ඇත.විශේෂයෙන්ම බෝර්න් එගේන් බලපෑමක් ඇද්ද යන්න විමසා බැලීමට ජෙරොම් පෙරේරා කැඳවා ඇති අවස්ථාවේ බෝර්න් එගෙන් සම්බන්ධයෙන් ක්‍රිකට් පුද්ගලයන් හා ඇති යම් සම්බන්ධයන් සඟවන්නට උත්සාහ කර තිබෙන බව පැහැදිළිය.ඒ සඟවන්නට තැත් කළ පුද්ගලයන් අතර ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වාගේ නම මෙන්ම ජෙරොම් ජයරත්නගේ නම ද වේ.එසේම ඔහුට සිය බලය යොදා යම් යම් ක්‍රිකට් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට විමර්ශන කමිටුව යෝජනා කර තිබෙන අතර ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන්ට දෙවියන් කියන දේ ට වඩා යමක් කළ නොහැකි බවත්,ඒවා ජයග්‍රහණය කළ යුත්තේ කණ්ඩායම් ක්‍රියාකාරීත්වය තුළින් බවත්ය.ඒ අනුව ඔහු විශ්මකර්ම වැඩ කරන්නෙක්ට වඩා සාමාන්‍ය පපට් කෙනෙක්ගේ තත්ත්වයේ පුරවැසියෙක් බවත් එම වාර්තාව අනුව පැහැදිළි වෙයි.
ලංකාවේ පිළිගත් ආයතන සහිත ආගම් වෙත බලය ඇති වන අයුරෙන් නැවත ඉඩ සැකසීමට මෙම කමිටුව කරන නිර්දේශයනම් යහපත් නැත.විෂයානුබද්ධව ක්‍රීඩාව හා සෘජුව සම්බන්ධයක් ආගමික පූජකයන්ට නැත.ආගමික් දර්ශනයන් මත යම් මානසික සහනයක් ඇතැයි විශ්වාස කරන ක්‍රීඩකයින්ට එම වත් පිළිවෙත් විද්‍යානුකූල පරිසරයක ඊට යටත්ව කළ යුතුය යන්න දන්වා තිබුණේනම් චාමිකගේ පහනේ ප්‍රශ්ණය වුව සිඳු වන්නේ නැත.මේ වාර්තාව අනුව සිගරට් කොට තිබුණ බවට මතු කර ඇති අදහසේ යට තිබෙන්නේ එය නොබොන දෙයක් සේ ඉස්මතු කරන්නට දරන උත්සාහය ද නොදනී.නමුත් එසේ නීත්‍යානුකූල නොවන තැනක සිගරට් බීමට ක්‍රීඩකයින් පෙළඹෙනවානම් ඊට හේතුව බොරු සදාචාරවාදීන්ගේ හිර කිරීමය.ඒ නිසා ක්‍රීඩකයෙක්ගේ අනීතික නොවන සියලු පෞද්ගලික චර්යාවන් ආගම,සදාචාරය,සම්ප්‍රදායන් සමඟ පටලවා ගැනීමෙන් වැළක්විය යුතුය.
එසේම ආගමික ප්‍රවර්ධනය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින්,නිලධාරින් හෝ පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩක කළමණාකරුවන් ද සම්බන්ධ වීම වැළක්විය යුතුය.දෙවියන් ලෝක කුසලානය දිනා දෙන ක්‍රීඩක බිරින්දෑවරුන් ගේ සිටම ක්‍රීඩාවට කරන්නේ එහි අනන්‍යතාවය බිඳ මිත්‍යාවේ ක්‍රීඩාව ගිල්වා විනාශ කිරීමය.දෙවියන් නිසා ගැසූ ක්‍රිකට් හෝ බුදුන් හෝ වෙනත් ශාස්තෘවරයෙකුගේ ආශිර්වාදය අනුව දිනූ ක්‍රිකට් ගැන ප්‍රචාරය කිරීමෙන් කණ්ඩායමේ අනෙකුත් ඇදහීම් කරන ක්‍රීඩකයන්ගේ ස්වාධීනත්වයට හානියක් වන බැවින් ඉහත භූමිකාවන් හි නියුතු කිසිවෙක් ආගම් ප්‍රවර්ධනය සහ ක්‍රීඩාව කියන කාරණවේදි ක්‍රීඩාවට හානි නොකළ යුතුය.කමිටුව ද පත් කළේ ආගමික සංස්ථාවන් හී ස්වරූපයන් සැළකිල්ලට ගෙන දේශපාලන ධාරාවේ විශාලත්වයෙන් ගැනෙන ආගම් ආරක්ෂා කිරීමට නොවන බැවින් අවධානය ආගම්වලින් බැහැරට ගොස් සකලවිධ ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා අනන්‍යතාවයම පදනම් කරගෙන විය යුතුය යන්න තීරණය කරානම් වටින්නේය.
වැදගත්ම දේ අමාත්‍යංශයේ අණ නොපිළිපැදීම යන කාරණයට මේ කමිටුව දී ඇති ඉඩ ය.එහි බලය ඉස්මතු කිරීමය.ක්‍රිකට් හී සුබ සිද්ධිය නොවන දේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මුදල් වියදම් නොකර ඇති බවට ඇති සාක්ෂි වැදගත්ය.අඩුම තරමේ මහා වියදමක් දරා ගිය පුද්ගලයින් තරග නරඹාවත් නැත.කමිටු වාර්තාවට අනුව ජෙරොම් ජයරත්න තරගයක් හෝ නරඹා නැත.ක්‍රීඩකයින් පමණක් නොව නිලධාරීන් හැටියට මෙම සංචාරයට එක්වී ඇති අය ද තරග නැරඹන්නට යාමේ විනය හෝ සුරැක නැත.එයට අවශ්‍යය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් ආයතනයට පැවරිය යුතුය.
එවැනි අධික්ෂණ සහ උපදෙස් ලබා දීමේ ඉඩට එහා ගොස්,ජාතික ක්‍රීඩා සභාවේ අර්ජුන රණතුංගට ක්‍රිකට් පාලනයට එරෙහිව ඇති විරෝධයට තුඩු දෙන කාරණා සහ එය කරපිට තබාගන්නා ක්‍රිඩාවේ ආණ්ඩු නියෝජිතයාගේ බලපෑම මත ක්‍රීඩාවක පරිපාලනයක් හැසිරිය යුතුය සේ යෝජනා කිරීම වැදගත් නැත.එසේනම් ශ්‍රී ලංකා ක්‍රිකට් සිය ක්‍රීඩාවේ උන්නතියට අදාළම නොවන රජයේ අසමත්භාවය වසා ගන්නට අවශ්‍යය මූල්‍යමය ආධාර පිරිනැමීම ද ක්‍රීඩා පණත යටතේ අමාත්‍යංශය ප්‍රශ්න කළ යුතුය.නමුත් ඒ බොහෝ දේ යැද ඉල්ලා ගන්නට කටයුතු කර ඇත්තේ ද අමාත්‍යංශයේම ලොක්කෝය.ඒ නිසා වඩාත් ස්වාධීන වන්නට ඉඩ දීම වැදගත් අතර ඒ ස්වාධීනත්වය බූරු නිදහසක් කර ගන්නේ ද යන්න විමසා බැලීම,අධීක්ෂනයට ලක් කිරීම,වැරදි තැනකදී අයිසීසී ය ද දැනුවත් කර,අවශ්‍යය පරීක්ෂණයන් සඳහා රටේ පොදු නීතිය අනුව කටයුතු කිරීමට ක්‍රිකට් ආයතනයටම උපදෙස් දීම වැදගත්ය.ඇති විය යුත්තේ එය ය.මන්ද ක්‍රීඩා පණත යනු සහ එහි සංශෝධන යනුම විටින් විට එය පාලනය කරන දේශපාලකයන්ට පියවා ගැනීමට නොහැකි අර්බූද,මත ගැටුම් සහ උවමනාවන් මත පැනවෙන් දේ විනා ක්‍රීඩාවේ උන්නතිය සඳහා ජාත්‍යන්තර ක්‍රීඩා නීති අවබෝධ කරගෙන,ක්‍රීඩාවන් හී අනන්‍යතාවයන් සුරක්ෂිත වන නිදහස පුළුල් කරන මට්ටමේ ඒවා නොවන බව කමිටුවට දැනී නැත.
මෙහිදී ක්‍රීඩක කළමණාකරුවන්ගේ වෘත්තීය සුදුසුකම,ඔවුන් අධීක්ෂණයට යටත් වීම වැනි බොහෝ කරුණ LNW බොහෝ කාලයකට පෙර සිටම පෙන්වා දී ඇත.මේ වාර්තාව සැකසීමේදී සළකා බලන ලද කරුණු අනුව ද එය තහවුරු වි තිබෙන බව පෙනෙන්නට ඇත.ක්‍රිකට් ආයතනය වගකීමෙන් ඒ දෙයට මැදිහත් විය යුතුව ඇත.එසේම අනවශ්‍යය සේ ක්‍රිකට් ආයතනය ලෝක කුසලාන සංචාරය සඳහා මුදල් වියදම් කර ඇති බව මෙන්ම එහිදී මහේල ජයවර්ධන වැනි පුද්ගලයින් එම වියදමෙන් ගොස් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර පවා විවෘත කර තිබෙන බව ද පැහැදිළි වී ඇත.ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නද දැන ගැනීම වැදගත්ය.
ක්‍රීඩක බිරින්දෑවරුන් රැඟෙන යාමේ වැදගත්කම මෙහිදී කමිටුව අවධාරණය කර නැත.එය වැළක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කළේ ඇයි?එය ඔවුන් පැහැදිළිව නොකීව ද,ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය පුරා ක්‍රිකට් වසුරු වපුරමින් නෝනාවරු කෙහෙවලුවල එල්ලෙන අයුරු ද අපි දුටිමු.ඒ නිසා ඒ යෝජනවා ක්‍රියාත්මක කරන්නේනම් නෝනාවරන්ද ගිවිසුමකට යටත් කොට යම් යම් විනය රීති යෙදීම වැදගත් වනු ඇත.
චාමික කරුණාරත්න සම්බන්ධයෙන් සමාජයට මතු කරන නරකම විනය විරෝධී කාරණාව මේ කමිටුව ඉදිරියේ මතුව නැත.ඒ කාන්තාවක් සම්බන්ධයෙන් නැඟුණ චෝදනාවකි.එය මේ කමිටුව ඉදිරියට නොගෙනාවේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය.එම කාන්තාව කවුද?ඔහුගේ ස්වාමී පුරුෂයා කවුද?ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ හිටපු ක්‍රීඩකයින් හා තිබෙන සම්බන්ධයන් කවරේද යන්න ද විමසා බැලිය යුතුව තිබිණ.එසේම චාමික සමඟ කැෂිනෝ ශාලාව වෙත ගිය ඉතිරි ක්‍රීඩකයින් හය කවුද? විශේෂයෙන්ම කැෂිනෝ යනු යක්ෂයෙක් සේ සමාජගත කර තිබෙන සහ එයින් රටේ ආර්ථික ප්‍රශ්න නසන්නට කල්පනා කරන රටක කැෂිනෝ යනු බහුතරයක් දුප්පතුන්ගේ වෛරයට ලක් කර තැබුව ද,ඉහළ සමාජයේ මැති ඇමතිවරුන්ගේ සිට සල්ලි ඇති අය ගැවසෙන බිමකි.ඒ නිසා යක්ෂයාට අනුව ඒ පෙණුම රැක දීමට සමත්වීමෙන් ඔබ්බට ඒ ැගන වැඩි සටහනක් ඉදිරිපත් කර නැත.තව ද චාමිකට චෝදනාවන් එල්ලවීම සහ සහ එයට ආගමික බලපෑමක් යන්න ද කතාබහට ලක් විය.ඒවා මේ කමිටුව හරහා යම් ආකාරයකට එළියට පැමිණ තිබෙන අතර ඔහුට බෝන් එගේන් ආගමෙන් කතා කර තිබෙන බවට තොරතුරු සහතික වී ඇත.
මේ තත්ත්වයන් තුළ ආගමිකව එල්ලවෙන යම් බලපෑමක සෙවණැළි පෙනෙන්නට තිබීම භයානක වන අතර ඒ වෙනුවට එම තැන වෙන ආම්වලට විවෘත කිරීමට යෝජනා කිරීම ද තවත් තත්ත්වය භයානක කිරීමට කරන ආරාධනයක් බව අපේ විශ්වාසය ය.
මේ කමිටු වාර්තාවේ දී හෙළිදරව් වී ඇති කරුණු සියයට සියයක්ම නිවැරදි වන්නට හැකිය.නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කරන යෝජනානම් සියයට සියයක් එකඟ විය නොහැකි දේ ය.ඒ තත්ත්වය එන්නේ ප්‍රායෝගිකව ඔවුන් සියයට සියයක් ක්‍රිකට් හෝ ක්‍රීඩාව සමඟ ආත්මීයව වැඩ නොකරන නිසාය.ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යංශයේ සියයට සියයක් ද එසේ ආත්මගතව ක්‍රීඩාවේ නැත.තවත් තන් සම්බන්ධ ප්‍රධාන විෂයකට අනුව ක්‍රීඩාව ගැන සිතන්නෝය.උදාහරණයකට අමාත්‍යවරයාට ප්‍රධාන විෂය දේශපාලනය ය.
මේ වැඩ සටහන් ක්‍රියාත්මක කරන්නට ප්‍රථම පත් කළ කමිටුව ගැන මෙන්ම ඊට පදනම් වූ කාරණා ද ඇතුළුව මේ කමිටු වාර්තාවේ පිටපතක් අයිසිසි වෙත ද ඉදිරිපත් කිරීම වටින්නේය.ඒ සහයෝගය සහ උපදේශනය පිණිසය.එසේ නොවී ඇමතිට වඩා කෙනෙක් කොහෙද රටක ක්‍රීඩාවට කියා පසුපසින් වැටී සිටින චූන් කරන්නන්ගේ කීමට ක්‍රියාත්මක වන්නට ගියහොත් හෝ අතුරු කමිටු පත් කරන්නට ගියහොත් රටට විශාල ප්‍රශ්නයක් පමණක් ඉතුරු වෙනු ඇත.
ක්‍රීඩා අමාත්‍යංශයේ නීති අංශය දැන්වත් ලිඳෙන් ගොඩට ආ යුතුය.ඔවුන්ට ලෝක ක්‍රීඩා නීතිය ගැන,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් ක්‍රීඩා සම්බන්ධ ලෝක නිතින් සහ ඔලිමිපික් කමිටුවේ (අයිඕසී) නීතින් ගැන හැදැරීමක් ලබා දිය යුතුය.මෙවැනි අවසථාවක අත පුච්චා නොගෙන වැඩ කළ හැකි වන්නේ එවැනි වටපිටාවකදී පමණක් ය.නැතිනම් ක්‍රීඩා අමාත්‍යංශය සහ ඈත ගමක ප්‍රාදේශීය සභාවක් තරමේ දුරක්,ලෝක ක්‍රීඩාව සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය අතර ඇති වීම වැළක්විය නොහැකිය.ලෝකයට වග කියන රටක ක්‍රීඩා අමාත්‍යංශයක් හැටියට ඇමෙරිකාවේ හෝ කැනඩාවේ හෝ වෙනත් දියුණු රටක ඇති ක්‍රීඩා සංස්කෘතිය මතම පිහිටා වැඩ කරන ඉහළ ප්‍රමිතියක් ඇති තැනකට රටේ ක්‍රීඩාව ගෙන එනු විනා,තමන්ට අකමැති,කැමති මත ඇති පිරිස්වලට පාවාඩ එලන,වලවල් කපන තැනකට රටේ ක්‍රිඩා නීතිය වෙනස් කිරීමේ බලය යොදන එකනම් ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රිඩාවට වල කැපීමක් විය හැකිය.
කමිටුව නිරීක්ෂණය කළ කරුණු අනුව ගත යුතු ක්‍රීඩාමය නිගමන සමහරක් මේ කමිටු වාර්තාවේ නිවැරදි නැති විය හැකි බව තේරුම් ගන්නට ඉතා සරල උදාහරණයක් වන්නේ දිස්ත්‍රික් මට්ටමෙන් දක්ෂයන් සොයන්නට කරන යෝජනාවේය.අඩුම තරමේ ක්‍රිකට් ක්‍රීඩා කරන නිවැරදි තණතීරුවක්වත් නැති දිස්ත්‍රික් කොපමණ ප්‍රමාණයක් මේ රටේ ඇද්ද? කමිටුවේ අදහස ඒ වචනයෙන් ඔබ්බට ගත්තොත් විමධ්‍යගත කිරීම විය හැකියි.
රටේ ක්‍රිකට් පමණක් නොව බොහෝ ක්‍රීඩාවලට සමාන අවස්ථා නැහැ.දේශපාලනය විසින් ක්‍රීඩා අවශ්‍යයතා පමණක් නොව කැම වේලටද දැවන්ත අසමානකම් ඇති කර තිබෙන රටක ඊට හේතුව විවිධ විෂයන් දේශාපාලනීකරණය වී තිබීමයි.ක්‍රීඩාව ගැන ආකල්පයත් එබඳුයි.ඒ ඒ විෂයේ දෙවිවරු බව සිතන දේශාපාලකයින්ගේ දැණුමට සාපේක්ෂව බලය ක්‍රියාත්මක කරවීම නිසා ලෝකයේ නොදියුණු දේශාපාලන සංස්කෘතියක් ඇති රටක් ලෙස ලෝකය පිළිගන්නා රටක ක්‍රීඩාව තමන්ට ඕනි විදිහට සෙල්ලම් කරන තියෙන එකක් හැටියට හිතන්න පෙන්නන්න ගොස් රට අමාරුවේ නොදා මේ කමිටු වාර්තාව හරහා රටේ ක්‍රීඩාවට හානියක් නොවන තීරණ ගැනීමට බුද්ධිය පහළ වේවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan