*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඩිල්ෂාන් වෙනුවට ලහිරු ?

අද ඉන්දියාව සමඟ පැවත්වෙන දෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මධුශංක ආබාධ තත්ත්වය මත ක්‍රීඩා නොකරන අතර බොහෝ විට එම හිස් තැන පිරවීම ලහිරු කුමාරට පැවරෙනු ඇත.ප්‍රමෝද් මධුංශාන් ද වේග පන්දු යවන්නෙක් සේ මේ තරගයේදි ලහිරු කුමාර වෙනුවට යොදන්නට ඉඩ ඇතත් එය ඊඩ්න් ගාර්ඩ්න් පිටියේ තත්ත්වයට සාපෙක්ෂව ගනු ලබන තීරණයක් විය හැකිය.වැඩි අවස්ථාව ඇත්තේ අත්දැකීම් අනුව ඉදිරියෙන් සිටින ලහිරු කුමාරටය.
ඊඩ්න් ගාර්ඩ්න් පිටිය පරික්ෂා කර දසුන් ශානක ද සැළකිය යුතු පන්දු ඕවර් ප්‍රමාණයක් යවන්නේනම් සහ තණතීරුව දඟ පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක පවතීනම සමහර විට මහේෂ් තීක්ෂණ වේග පන්දු යවන්නෙක් වෙනුවට කණ්ඩායමට පැමීණීමට ඉඩ ඇත.තුන් ඉරියව් ක්‍රීඩයෙක් ලෙස දුනිත් වෙල්ලාලට පන්දුවට පහර දීමට ඇති හැකියාව පිතිකරණ සමත්කම්වලින් අනූන ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරගයේදී දුනිත් ට තීක්ෂණට වඩා වැඩි ඉඩක් හදා දුන්නත්,පෙර තරගයේදී තීක්ෂණගේ හිස් කම දැනෙන මට්ටමට තිබුණ බැවින් මේ තරගයේදී දුනිත් වෙනුවට තීක්ෂණ යොදා ගැනීමට ද යම් ඉඩක් පවතිනු ඇති බව වාර්තා වේ.
පිතිකරණ නාමාවලියේ සුළු වශයෙන් යම් ඉහළ පහළ යාමක් ද සිඳුවීමට ඉඩ ඇති බව කණ්ඩායම තුළ සාකච්ඡා වෙමින් ඇතත් එය නිශ්චිතවම වෙනස් කිරිම සම්බන්ධයෙන් හරි අදහසක් පළ වී නැති බව වාර්තා වේ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan