ධනුෂ්ක ගුණතිලක ගැන තොරතුරක් …

මීට මාස කීපයකට පෙර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී ලිංගික චෝදනාව මත මේවන විට ඇප මත සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි විභාගයට ගැනීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වල සඳහන් වේ.

සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේ දී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දී ඇත.

මෙහිදී පසුගිය දා ධනුෂ්ක ගුණතිලකට තමා මෙතෙක් රැදී සිටි හෝටලයෙන් වෙනත් ස්ථානයක නවාතැන් ගැනීමට අවසර දී තිබූ නමුත් ඔහුට එම චෝදනාව කල සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 තරුණිය සමඟ කිසිදු සම්භන්ධයක් පැවැත්වීමට සහ සමාජ මාධ්‍ය හැසිරවීමටද ඔහුට තවදුරටත් තහනම් විය.

තවද නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි කොන්දේසි රැසක් එහිදි පැනවු අතර එහිදි ධනුෂ්කට රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද තහනම් කළේය.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

ධනුෂ්ක ගුණතිලකට තවදුරටත් පැනවූ නීති රීති කඩ නොකර ඕස්ට්‍රේලියාව තුළ තම දෛනික කටයුතු ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. එහිදී ඔහුට ඇප කොන්දේසි ඉතා තදින් ඉටු කිරීමට සිදුවන ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...