කෘෂිකර්ම ඇමතිතුමනි ජෝකර් කෙනෙක් වෙන්න එපා – හේෂා (VIDEO)

Date:

වර්තමාන කෘෂිකර්ම ඇමතිවරයා මේ වන විට ජෝකර්ම ඇමතිවරයෙක් බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස දක්වමිනි.

වී ගොවිතැනේ ප්‍රශ්න වලට උත්තර නොසොයා වල්පල් දොඩවමින් බිමට සමතලා වී තිබෙන තමන්ගේ දේශපාලනය බේරා ගැනීමට කටයුතු නොකරන ලෙස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජෝකර් කෙනෙක් නොවී ගොවි ජනතාවගේ පැත්තේ සිටිමින් තමන්ගේ බංකොලොත් දේශපාලන ගමන ආරක්ෂා කරගැනීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කරගන්නා ලෙස මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ මොහොතේ මැතිවරණය නොපැවැත්වීමට කෘෂිකර්මය බිල්ලට නොදෙන ලෙසයි හේෂ විතානගේ මන්ත්‍රීවරයා මහින්ද අමරවීර අමාත්‍යවරයාට වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...