*
Friday, October 18, 2024
spot_img

Latest Posts

විශ්මිගේ ක්‍රිකට් ගුණයට ඓතිහාසික රත්නමය වටිනාකමක්

ශ්‍රී ලංකාව සහභාගි වූ අවුරුදු 19 න් පහළ කාන්තා පළමු ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය දරන්නට වාසනාව ලද විශ්මි ගුණරත්න,එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දක්වන ලද දායකත්වය සළකා තරගයේ වීරවරිය ලෙස ද අභිශේක ගැන් වූවාය.ඇමෙරිකා එක්සත් ජනපද නායිකා ගීතිකා කොඩැලී කාසියේ වාසිය ලබාගෙන පළමුව පන්දුවට පහර දුන් මේ තරගයේදී ඇමෙරිකානු කණ්ඩායමට එරෙහිව දිශා ඩින්ගාරා දුවද්දී දවා ගැනීමට මෙන්ම භූමිකා භද්රිරාජු දවා ගැනීමට අති විශිෂ්ඨ උඩ පන්දුවක්ද රැකගත් විශ්මි ඇමෙරිකා කණ්ඩායම පන්දු ඕවර් 20 තුළ කඩුලු 9 ට ලකුණු 96 රඳවන්නට සෑහෙන මෙහෙයක් කළාය.එම ලකුණු ගණන හඹා යාමේදී කඩුලු තුනක් අහිමිව යද්දී එක් පසෙක සිට මනුදි නානායක්කාර සමඟ තරගය කඩුලු හතක ජයග්‍රහණයක් බවට පෙරැලීමට විශිෂ්ඨ ඉණිමක නිරතවෙමින් ලකුණු 34 ක් නොදැවී ලබා ගත්තාය.ඒ අනුව නායකත්වය,පන්දු රැකීම මෙන්ම සුපිරි පිතිකරණය ද සළකා විශ්මි තරගයේ වීවරිය ලෙස නම් කළාය.


පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට විශාලම හිසරදය බවට පත් වූයේ පුහුණු තරගවල පටන්ම ප්‍රතිවාදී කඩුලුවලට ඉව අල්ලන පිට දඟ පන්දු යවන්නී දෙව්මි විහංගාය.ඇය පන්දු ඕවර් හතර ලකුණු 11 ට සීමා කළා පමණක් නොව කඩුලු තුනකට ද වග කීවාය.විදුශිකා පෙරේරා ද ලකුණු 15 ට කඩුලු දෙකක් දවා ගත්තාය.ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩිකාව බවට පත් වූයේ ලකුණු 22 ක් ලැබූ රිතූ සිං ය.


පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකාව සතුව සිටින හොඳම පිතිකාරිණියක් සේ ජාතික තලයේදී ද ඇගයීම් ලබන්නී නෙත්මි සේනාරත්න අසාර්ථක වූවා ය.ඇය ඉදිරි තරගවලදී ලකුණු අතරට පැමිණිය යුතුමය.දෙන්මි විහංගා ශ්‍රී ලංකා සතුව සිටින විශාල පහරවලට යා හැකි ප්‍රබලම පිතිකාරිණියකි.ඇය ද අනවශ්‍යය කළබලය නිසා කඩුල්ල පූජා කළාය.දිගු හය හතර මෙන්ම එක සහ දෙක ද කණ්ඩායමට ලකුණු එකතු කරන්නට සුදුසු මෙවලම් බව පෙන් වූ නායිකා විශ්මි මෙන්ම පහළොස් හැවිරිදි මනුදි නානානයක්කාර කඩුලු 3 ට ලකුණු 46 ක් ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පූවරුව වෙනුවෙන් ඉන් අනතුරුව නොබිදි ලකුණු 54 ක සබඳතාවයක් ගොඩ නැඟුවේය.විශ්මි නොදැවී ලකුණු 34 ක් ලබා ගත්තේ පන්දු 40 දී වූ අතර මනුදි පන්දු 31 දී ලකුණු 32 ක් ලබා ගත්තාය.මනුදි තරගයේ වාර්තා වූ එකම හයේ පහර 19 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට ලෝන්ග් ඕෆ් හරහා වාර්තා කළේ තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්ය.


මනුදි ගෙවුණු ඉන්දීය අවුරුදු 19 න් පහළ තුන් සිව් කොන් තරගාවලියේ සිටම ලකුණු අතර සිටින ක්‍රීඩිකාව වන අතර,විශ්මි මෙන්ම දෙව්මි,නෙත්මි සහ නිසංසලා ඉදිරි තරගවලදී වැඩි අවධානයක් කෙටි ලකුණු කරා යොමු කරමින් ප්‍රහාරක වේගය රඳවාගෙන ලකුණු ලබා ගැනීම වැදගත්ය.තරගය පිළිබඳ සංක්ෂිප්ත රූපමය සටහනක් පහතින් දැක්වේ.
https://www.u19worldcup.com/video/3021063?fbclid=IwAR0uc6dfJbzT0-tkLNygTCbLcmzYGyFa4inHam0n0JHfnGmQvMCXVcGkrfg
ඊයේ පැවති තරගවලදී වඩාත්ම කැපී පෙණුනේ ඉන්දීය කාන්තා 19 න් පහළ කණ්ඩායම සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ජය ය.දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 166 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් පමණක් දැවෙමින්ය.එහිදී සිමෝනි ලෝරන්ස් වේගවත් ලකුණු 61 න් දකුණු අප්‍රිකා ඉණිමට දායකත්වය දැක් වීය.
ප්‍රතිවාදි ඉන්දීය කණ්ඩායමට විශාල අභියෝගයක් විය හැකි යැයි සිතුණු එම ලකුණු පූවරුව ඉතාම සැහැල්ලුවෙන් ගත් ජාතික කණ්ඩායමට ක්‍රිඩා කර ඇති ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වූ නායිකා සෆාලි වර්මා සහ ස්වේතා ෂෙහාර්වට් පළමු කඩුල්ල සඳහා ලකුණු 77 ක් එකතු කළේ පන්දු ඕවර් 7.1 දී ය.වර්මා පන්දු 16 දී ලකුණු 45 ක් ලබා ගත්තේ හතරේ පහර 09 ක් සහ එක් හයේ පහරක් ද සමඟින්ය.ඉනික්බිතිව ද වගකීම අත් නොහළ ස්වේතා තරගය නිමා කිරීම සඳහා හතරේ පහරක් එල්ල කරද්දී පන්දු ඕවර් 16.3 ක් ගෙවී තිබූ අතර ඉන්දීය ලකුණු පූවරුව කඩුලු තුනට ලකුණු 170 ක් වෙද්දී ස්වේතා නමින් නොදැවී ලකුණු 92 ක් එකතු වි තිබුණේ පන්දු 67 ක දී ය.
ශ්‍රී ලංකාවට වැදගත්ම තරගය වූයේ ඕස්ට්‍රේලියාව සහ බංගලාදේශය සහභාගි වූ තරගය ය.ඒ ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන කාණ්ඩායේ තරග වඳින බැවින් ය.එහිදී ජනවාරි 16 වන දා තමන්ගේ ප්‍රතිවාදීන් සේ ශ්‍රී ලංකාවට හමුවීමට නියමිත බංගලාදේශය ඔස්ට්‍රේලියාට එරෙහිව කඩුලු හතක ජයක් ලබා ගත්තේය.පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 5 ට ලකුණු 130 ක් වාර්තා කරමින්ය.පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශය පන්දු ඕවර් 18 දී කඩුලු 3 ට ලකුණු 132 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.


මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවුරුදු 19 න් පහළ පළමු කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී සිය පළමු තරගය කඩුලු හයකින් ජය ගත්තේය.ඒ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවය.ලකුණු 99 ට පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දු ඕවර් 20 තුළ සීමා කරපු එක්සත් අරාබි කණ්ඩායම පන්දු ඕවර් 16 .2 ක් ගෙවෙන තැන කඩුලු 4 ට ලකුණු 100 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය සහතික කර ගත්තේය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan