එකතු වී ඡන්ද තරඟයට තවත් පක්ෂ දෙකක්…

Date:

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට පක්ෂ දෙකක් මේ වනවිට සූදානමින් සිටී.

එනම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වන සේනාංකයයි.

ආරංචි මාර්ග අනුව නව ලංකා නිදහස් පක්ෂයේ හාවා ලකුණ යටතේ පළාත් පාලන ආයතන කිහිපයකටම 43 වන සේනාංකය සමග එක්ව තරග කිරීමට සූදානමින් සිටින බව ය.

ඊට අදාළව හෙට (16) දිනයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතව ඇතැයි ද නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ඇතැම් පළාත් පාලන ආයතන සඳහා නව ලංකා නිදහස් පක්ෂය සමගත්, ඇතැම් පළාත් පලාන ආයතන සඳහා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමගත් එක්ව තරඟ කිරීමට මේ වන විට සැලසුම් කර ඇතැයි 43 වන සේනාංකය පවසයි.

එහෙත් 43 සේනාංකය පවසන්නේ ,ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ස්වාධින කණ්ඩාමක් ලෙස ඉදිරිපත් වන බව ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවත් සමඟ කූඨ වෙළඳුන් වැඩි වෙලා – හසුවූ අයට මිලියනයක් දඩ.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : සිදු වූ ආපදාවත්...

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...