ආබාධයක් සහිත ඇතෙකු පෙරහැරේ ගෙනගිය මහර සංවිධායකට සජිත්ගෙන් තරයේ අවවාද

Date:

සමගි ජන බලවේගයේ මහර ආසන සංවිධායකවරයා වශයෙන් පත්වූ හසිත් ගුණසේකර එය සමරමින් පෙරහැරකින් පැමිණෙන ආකාරයත් පාදයක ආබාධයක් සහිත දළ ඇතෙකු එම පෙරහැරෙහි ගෙනයන ආකාරයත් ඊයේ (15) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිණි.

රාමා නමැති මෙම ඇතාගේ එක් ඉදිරි පාදයක් නොනැමෙන අතර එහි යටිපතුල ද ඉදිමී ඇති බවත් එහෙයින් එම ඇතා කොරගසමින් පෙරහැරේ ගිය බවත් එම වාර්තාවල සඳහන් විය. ඒ අනුව මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සජබ පක්ෂයටත් විවේචන එල්ල වී ඇති ආකාරය දක්නට ලැබිණි.

මෙම පුවත දුටු වහාම සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ ආසන සංවිධායකවරයා අමතා එම ක්‍රියාවෙහි වරද පෙන්වා දී නැවත එවන් කටයුතුවල නොයෙදෙන ලෙස තරයේ අවවාද කර ඇති බව පක්ෂ ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...