සීආර් කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම ගුවන ආක්‍රමණය කරයි

Date:

නිපොන් පේනට් අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන ජාතික ලීග් සූරතාවලියේදි මෙන්ම දස සාමාජික ජාතික කාන්තා රගර් තරගාවලියේදී ද සීආර් අන්ඩ් එෆ්සී ක්‍රිඩකයින් සහ ක්‍රිඩිකාවන් ගුවන් හමුදා කණ්ඩායම් පරාජය කරන්නට සමත් වුණා.


දස සාමාජික කාන්තා තරගයේදී සීආර් ක්‍රීඩිකාවන් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ව පරාජය කර ජය ලබා ගත්තේ ලකුණු 17 – 12 ක් ලෙසයි.සීආර් කණ්ඩායම ලකුණු 17 උත්සාහක දිණුම් තුනකින් සහ එක් ප්‍රවර්ථනයකින් අත් කර ගත්තා.උත්සාහක දිණුම් මහේන්ද්‍රන් කාංචනා,දෙව්මි රත්නායක සහ තරුෂිකා රුවන්ති වාර්තා කළ අතර ඉන් දෙව්මි රත්නායක වාර්තා කරන ලද උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට අනුත්තරා හසිනි සමත් වුණා.
ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ගේ ලකුණු 12 සම්පූර්ණ වී තිබුණේ උථ්සාහක දිණුම් දෙකකින් සහ එක් ප්‍රවර්ථනයකින්.උත්සාහක දිණුම් වාර්තා කළ ක්‍රීඩිකාවන් වූයේ හේකාශිනි ක්‍රිෂ්ණකුමාර් සහ ශානිකා ආතාවුද යි.ශානිකා ආතාවුද ලබා ගත් උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට මෙහිදී අනුශිකා සමරවීරට හැකි වෙනවා.


කාන්තා තරගයෙන් පසුව රත්මලාන ගුවන් හමුදා පිටියට පිවිසියේ දෙපිළේ පිරිමි කණ්ඩායම් දෙකයි.තරගයේ සමස්ත ලකුණු සටහන 29 – 24 ක් ලෙස සීආර් කණ්ඩායම ජයග්‍රහණය කළත් තරගය පළමු අර්ධයේ වැඩි දස්කම් සීආර් දෙවන අර්ධයේ වැඩි දස්කම් ගුවන් හමුදා ලෙස බෙදී ගියා.පළමු අර්ධයේදී සීආර් ක්‍රීඩකයින් ගුවන් හමුදා ක්‍රීඩකයින් ලකුණු 10 රඳවා ලකුණු 24 ක් එකතු කර ගන්නට සමත් වුණා.දෙවන අර්ධයේදී සීආර් පිළිට අනපේක්ෂිත අභියෝගයක් එල්ල කරන්නට වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් සීආර් ක්‍රීඩකයින්ට එරෙහිව ලකුණු 14 ක් එකතු කරද්දී සිආර් කණ්ඩායමට ලබා ගැනීමට අවස්ථාව දුන්නේ ලකුණු 5 ක් පමණයි.


සීආර් කණ්ඩායම සිය ලකුණු 29 වෙනුවෙන් උත්සාහක දිණුම් 5 ක් ලබා ගත්තා.එයින් දෙකකම හිමිකරු වූයේ ගැමුණු චේතිය යි.මර්ෂීඩ් දොරේ,ලසිඳු කරුනාතිලක සහ තේනුක නානායක්කාර ඉතිරි උත්සාහක දිණුම් තුනේ හිමිකරුවන් වුණා.එයින් ගැමුණු චේතිය විසින් ලබා ගත් පළමු උත්සාහක දිණුම මොහාන් චතුර විසින් ප්‍රවර්ථනය කරන්නට සමත් වූ අතර මර්ෂිඩ් දොරේ විසින් ලබා ගත් උත්සාහක දිණුමේ ප්‍රවර්ථනය සාර්ථක කළේ තේනුක නානායක්කාර විසින් ය.
ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 24 වෙනුවෙන් එකතු වූ උත්සාහක දිණුම් තුනේම ප්‍රවර්ථන සාර්ථකව නිමා කරන්නට සමත් වූ නුවන් පෙරේරා ඊට අමතරව උත්සාහක දිණුමක් මෙන්ම නිදහස් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වුණා.ඒ අනුව ගුවන් හමුදාව ලද ලකුණු 24 න් 14 ක් ම සිය කණ්ඩායමට ලබා දුන්නේ නුවන් විසින්.ඊට අමතරව ඩිලාන් ප්‍රනාන්දු සහ කවිශ රුචිරන්ත ද උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට සමත් වුණා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...