තෛපොංගල් දා වතු නිවාස පෙළක් ගිනි ගනී – වතු නිවාස 12 ක් විනාශ වෙයි (PHOTOS/VIDEO)

Date:

වතු කම්කරුවන් තෛපොංගල් උත්සවය සමරමින් සිටියදි තලවකැලේ, මිඩ්ල්ටන් වතුයායේ වතු නිවාස පෙළක් ඊයේ (15) රාත්‍රි ගිනි ගැනීමට ලක්ව වතු නිවාස 12 ක් විනාශයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

ගිනි ගැනීමෙන්  වතු නිවාස පේළියේ වතු නිවාස  හතක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව, තවත් වතු නිවාස පහක්  අර්ධ හානියට ලක්ව  ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මෙම නිවාස පේළියේ එක් නිවසක පළමුව හටගත් ගින්නක් පැතිරීයාමෙන් අනෙකුත් නිවාසද ගිනි ගැනීමට ලක්ව ඇති අතර, වතු නිවාසවල පදිංචිව සිටි වතු කම්කරුවන්ගේ ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් භාණ්ඩ ගිනි ගැනීමට ලක්ව සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.

වතු නිවාස ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය කියයි.

මේ හේතුවෙන් එම නිවාසවල පදිංචිව සිටි පුද්ගලයන් 49 කු පමණ අවතැන්ව ඇති අතර, ඔවුන්ගෙන් පවුල් තුනක පුද්ගලයන් තලවකැලේ දෙමළ මහ විදුහලේ සහ අනෙකුත් පිරිස ඥාතීන්ගේ නිවාසවල තාවකාලිතව නවතා සිටිති.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, තලවකැලේ පොලීසිය මේ පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

ක්‍රිෂාන්තන් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...