මහින්දානන්දගේ නඩුව කල් යයි

Date:

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274 ක් යොදවා, බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී කැඳවනු ලැබීය.

ලබන මාර්තු 20 වැනිදා දක්වා එමපැමැණිල්ලේ වැඩිදුර විභාගය දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කරන ලදී.

අද (16) දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරුට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය පවසා ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...