බිත්තර ආනයනයට පෙර දේශීය නිෂ්පාදනයේ ඇත්ත තොරතුරු රටට කියන්න! (VIDEO)

Date:

බිත්තර ආනයනය කිරීමට පෙර දේශීය බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වෙළෙඳ අමාත්‍යවරයා ඇතුළු ආයතන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (17) ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීම පිළිබද කරුණු විමසීම සදහා අසේල සම්පත් මහතා ඇතුලු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් රජයේ වානිජ්‍ය නීතිගත සංස්ථාව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

”ඉන්දියාවෙන් අපට නැනෝ පොහොර දුන්නා.අර පොහොර දුන්නා.මේ පොහොර දුන්නා. සේරම දුන්නා. අන්තිමට හාලුත් දුන්නා.අන්තිමට යාචකයෝ අපට මුදලුත් එව්වා.මේ සියල්ල එවල දැන් හෙට ඉන්දියාවේ නියෝජිතයෝ මෙහෙට එනවා. මේ සියල්ල එන්නේ අපිට ආදරයට නෙවෙයි. ඒ නිසා අපි මේ රටේ පාලකයන්ට කියනවා කරුණාකරලා මේ බිත්තර ප්‍රශ්නය විසදන්න ඕනේ සත්ව නිෂ්පාදන ඒවගේම පශු සම්පත් එකට එකතුවෙලා. කවුරුත් එකට එකතුවෙලා තාමත් කිව්වේ නැහැ කිකිළි කන්නේ ග්‍රෑම් 110යි,පිටිපස්සෙන් දාන බිත්තරේට මෙච්චර වියදමක් යනවා කියල. මේ කතාව නොකියා වෙනත් පැත්තකට මේ ප්‍රශ්නය ඇදගෙන යනවා.”

එම නිසා සියලු පාර්ශව ගෙන්වා බිත්තරයක් නිෂ්පාදනයට යන වියදම ගණනය කිරීමට කටයුතු කරන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව අසේල සම්පත් මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...

අගමැතිනියට එරෙහි විශ්වාසභංගයට අපේ සහයක් නැහැ – ITAK

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන...

ලොව හොඳම දුම්රිය චාරිකා…

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා...