ඔලිම්පික් විකාශය 1956 හැඩේට හැරෙයි

Date:

ශ්‍රී ලංකාවේ විශාල අර්බූද ගණනාවකට මඟ පෑදු බැදීම් බෙදීම් බවට පරිවර්ථනය කළ දේශපාලන සමාජ වෙනස අදත් යහපත් හැරවුමක් සේ දකින අය බොහෝ වෙති.ඒ රමණියත්වයට සම්ප්‍රදායේ කටුකත්වය සහ අමිහිරිබව පෞඩත්වය කොට සළකන්නෝය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ද 1956 ඔලිම්පික් යුරෝපීය විකාශය භාර දුන් යුරෝපීය විකාශන සංගමය ගැන විශ්වාසය පළ කරන්නට තීරණය කර ඇත.ඒ 2026 ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සිට 2032 ගිම්හාන ඔලිම්පික් උළෙල දක්වා වන ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් විකාශන අයිතිය පැවරීමටය.
1956 මෙල්බර්න් ඔලිම්පික් උළෙලේ සිට විකාශන අයිතිය දරා පසුව එය වෙනස් වු යුරෝපීය විකාශන සංගමය (EBU) නැවත ප්‍රවිශ්ඨය සටහන් කරන්නේ ලෝකයේ නව ඩිජිටල් තාක්ෂණික මෙවලම් සමඟ මේ කර්තවය සඳහා උර දෙන්න ඔවුන්ට එකතුවන Warner Bros. Discovery සමඟයි.නමුත් 2024 දක්වාම යුරෝපය තුළ විකාශන අයිතිය පැවරී ඇත්තේ ඩිස්කවරි කොමියුනිකේෂන්ස් වෙතයි.
EBU යනු යුරෝපයේ රාජ්‍ය සේවා මාධ්‍ය සංවිධානවල සන්ධානයක් වන අතර ඔවුන්ගේ ක්‍රීඩා චැනලය Eurovision Sport ලෙස හඳුන්වනවා.මෙම විකාශන අයිතිය සඳහා EBU සහ Warner Bros. Discovery එක්ව කරන ලද මිල ගණන් ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් අතර එය නව සම්ප්‍රදායක් හඳුන්වා දීමක් ද වෙනවා.2026 ශිත සෘතු ඔලිම්පික් උළෙලෙන් පටන්ගෙන 2032 බ්‍රිස්බේන් දක්වා වන ශිත සෘතු සහ ගිම්හාන ඔලිම්පික් උළෙලවලදී ඒ මොහොතට අදාළ නව්‍යමය රූපවාහිනි තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයේ ඉහළම හැකියාව ද,ක්‍රීඩාවේ අසීමිත වූ හැකියාවන් සමඟ කරළියට ගෙන එන්නට මේ සුසංයෝගයට ලැබෙන හැකියාව ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට මෙන්ම ආකර්ශණයට ද මඟ කියනු ඇති.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...

බංගලාදේශයට යන අවුරුදු 17 න් පහළ කණ්ඩායමේ සුක්කානම රෙහාන් පීරිස් ට

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW බංගලාදේශ සංචාරයට නම් කරන...