ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ඉදිරියට එනවා – විපක්ෂ නායක (VIDEO)

ඊයේ (18) සවස පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කර ඇති අතර, මේ අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෙරේදා දිනයේදී අධිකරණ අමාත්‍යවරයා මෙය මසකින් දීර්ඝ කිරීමට තීන්දු කොට තිබියදීත්, එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇතැයි ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම ස්වෛරිත්වයද උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, ඡන්දය නොපවත්වා කල්තැබීමට ආණ්ඩුව විසින් ගනු ලබන අන්තනෝමතික කටයුතුවල තවත් දිගුවක් ලෙස හැඳින්විය හැකි බවත් ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...