නෙදර්ලන්තයෙන් ගෝල 14 ක්

Date:

ඉන්දියාවේ ඔඩිස්සා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ජාත්‍යන්තර හොකී සම්මේලනයේ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ මෙවර වාර්තා වූ ඉහළම ජය වාර්තා කරන්නට නෙදර්ලන්තය සමත් වුණා.බුබනේස්වර් හී පිහිටි කාලිංඝ ක්‍රීඩාංණයේ පැවති මෙම තරගයේදී නෙදර්ලන්තය විසින් චිලී රාජ්‍යය පරාජය කළේ ගෝල 14 – 0 ක් ලෙසයි.
තරගයේ කාර්තු හතර තුළ පිලිවෙලින් 1- 0,4 – 0,6 – 0 සහ 3 – 0 ක් ලෙස නෙදර්ලන්තය චිලී දේශයට එරෙහිව ලකුණු ලබා ගත් අතර නෙදර්ලන්තයේ ගෝල 14 න් 4 ක් ම වාර්තා කරන්නට ජන්සන් ජිප් සමත් වුණා.නමුත් නෙදර්ලන්තය වෙනුවෙන් ගේල තුනක් වාර්තා කරමින් මෙන්ම තවත් ගෝල තුනක් සඳහා පන්දුව සැකසීමට සහය වෙමින් ද නෙදර්ලන්ත නායක බ්‍රින්ක්මන් තීරී කැපී පෙණුනා.තරගාවලියේ මේ දක්වා දැක් වූ දස්කම් අනුව තිරී සහ ජිප් මේ වන විට ගෝල 5 බැඟින් ලබමින් වැඩිම ගෝලලාභීන් සේ පෙරමුණෙ පසු වෙනවා.
තරගාවලියේ මූලික තරග ඒ සිට ඩී දක්වා කාණ්ඩ හතරක් යටතේ පැවත්වෙන අතර මේ වන විට සී සහ ඩී කාණ්ඩවල මූලික වටයේ තරග අවසන්ව තිබෙනවා.එහිදී සි කාණ්ඩයේ ප්‍රථම තැන නෙදර්ලන්තය දිනා ගෙන ඇති අතර ඔවුන් පමණක් සහභාගි වූ මූලික වටයේ තරග තුනම ජය ගැනීමට සමත් වුණා.සී කාණ්ඩායේ දෙවන තැන මැලේසියාවට හිමි වූ ඇති අතර තෙවන තැන හිමිව තිබෙන්නේ නවසීලන්තයට යි.
ඩී කාණ්ඩායේදී පෙරමුණ ගන්නට එංගලන්තය සමත් වී සිටින අතර දෙවන ස්ථානය සත්කාරක ඉන්දියාවට හිමි ව තිබෙනවා.එංගලන්තය සහ ඉන්දියාව අතර පැවති තරගය ජය පරාජය නොවිසඳුණ තරගයක් වූ අතර එම කණ්ඩායම් දෙකට පරාජය වී වේල්සය පරාජය කළ ස්පාඤ්ඤය ඩී කාණ්ඩයේ තෙවන තැනට පත් වී තිබෙනවා.ඒ අනුව සී සහ ඩී කාණ්ඩවල ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන ගත් කණ්ඩායම් සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබනවා.
ඡායාරූපයේ දැක්වෙන්නේ තීරි සහ ජිප් චිලී රාජ්‍යයට එරෙහිව ක්‍රීඩා කළ අවස්ථාවක් වන අතර අංක 8 පැළඳ සිටින්නේ බ්රික්මන් තීරි යි.ජන්සන් ජිප් අංක 27 පැළඳ සිටිනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...

සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...