*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රු. 120,000ක මුදලක ආධාරයක්

මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP ව්‍යාපෘතිය තීරණය කර තිබේ.

මෙම මුදල රසායනික පොහොර මිල දී ගැනීම, බිම් සැකසීම හා අවශ්‍ය බඩඉරිඟු බීජ මිල දී ගැනීමට ලබා දෙන සහනාධාරයක් වශයෙන් යෙදවීමට කටයුතු කරනු ලබයි.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින් සමග 2023 යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු සංවිධානය කිරීම පිළිබද සාකච්ඡාවක් ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ඊට සහභාගි වූ අමාත්‍යවරයා යල කන්නයේ වී වගාවට අමතරව බඩඉරිඟු, තල, කුරක්කන්, මුං ඇට, කව්පි, උඳු හා මිරිස් වැනි අතුරු බෝග වගාවන්ට ගොවි ජනතාව උනන්දු කරවීම සම්බන්ධව සාකච්ඡා කළේය.

ඒ අනුව 2023 යල කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 30,000ක වගා කිරීමට මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන මගින් බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා අක්කරයකට රුපියල් 120,000ක ආධාරයක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි එම වැඩ සටහනේ අධ්‍යක්ෂිකා ආචාර්ය යසන්තා මාපටුන මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දුන්නාය.

මෙම මහ කන්නයේ දී බඩඉරිඟු හෙක්ටෙයාර් 68,000ක වගා කර තිබේ. එමගින් මෙට්‍රික් ටොන් 280,000ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතය. සේනා දළඹුවාගේ තර්ජනය ඇතත් මෙම අස්වැන්න ලබා ගැනීමට හැකි බව කෘෂි අංශ අවධාරණය කළේය. එමෙන්ම වෙනත් යල කන්නවල දී බඩඉරිඟු වගා කර තිබෙන්නේ හෙක්ටෙයාර් 10,000ක තරම් සුළු ප්‍රමාණයකි. නමුත් මෙවර එම ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි ද කෘෂි අංශ අවධාරණය කළේය. තවද මුං ඇට ආනයනය කිරීම මේ වනවිට රජය විසින් තහනම් කර ඇති නිසා මුං ඇට වගා කරන ගොවීන්ට ද ආධාර මුදලක් ලබා දීමට යෝජනා වී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan