ලෝකයේ ආහාර උද්ධමන දර්ශකයේ හයවන ස්ථානය අපි!

Date:

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව හය වෙනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 64 % කි.

ගියවර දර්ශකයේ 74%ක ආහාර උද්ධමනයක් සමඟ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිව තිබූ අතර නව දර්ශකයේ ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් හයවෙනි ස්ථානය ලබා ගෙන ඇත. නව දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට පැමිණියත් නව වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 64 %දක්වා පහළ වැටී තිබේ.

ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ වන අතර එහි ආහාර උද්ධමනය 376% කි.

එම දර්ශකයේ දෙවැනි හිමිකරගෙන ඇත්තේ ලෙබනනයයි. එහි ප්‍රතිශතය 171% කි. වෙනිසියුලා තෙවැනි ස්ථාන ගෙන සිටී. එහි ප්‍රතිශතය 158% කි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...

අයවැය ඡන්දය අතරේ කොළඹ මහ නගරසභාවේ වංචා දුෂණ හොයන්න ජනාධිපති කොමිසමක් පත්කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි...