බෝල්ට් හීයේ වේගයෙන් ඉපැයූ මුදලවලට බැංකුවෙන් විඳියි

දුන්නකින් හීයක් මුදවන අයුරු දැක්වීම උසේයින් බෝල්ට් සිය වේගය සමබන්ධයෙන් කළ හැඟවීම විය.ඒ් ආකාරයට සිය වේගයෙන් ඔලිම්පික් රන් පදක්කම් අටක් සහ ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම් 11 ක් දිනා ඇති බෝල්ට් ගේ නීතිඥයන් මේ මොහොත වන විට ඔහුගේ ස්ටොක්ස් ඇන්ඩ් සිකියුරිටීස් ලිමිටඩ් (එස්එස්එල්) හි ආයෝජන සමාගමක ගිණුමකින් ඩොලර් මිලියන 12.7 ට වැඩි මුදලක් අතුරුදහන්ව ඇති බව පෙන්වා දෙයි.
බෝල්ට්ගේ නීතීඥයෙකු වන ලින්ටන් ගෝර්ඩන් පවසා ඇත්තේ, ඩොලර් මිලියන 12.8ක් (ඩොලර් මිලියන 10.3ක්/€11.8ක්) තිබූ ගිණුමේ දැන් බෝල්ට් සතුව ඇත්තේ ඩොලර් 12,000ක් (£9,700/€11,100) පමණක් බවය.මේ සම්බන්ධයෙන් එස්එස්එල් වෙත දැණුම් දීමක් කර ඇති බෝල්ට්ගේ නීතිඥයන් දින 10ක් ඇතුළත මුදල් ආපසු නොදුන්නොත් සිවිල් සහ අපරාධ නීතීන් යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්නා දී ඇත.
ජැමෙයිකාවේ මුදල් අමාත්‍ය නයිජල් ක්ලාක් ද මේ වන විට මේ සම්බන්ධයෙන් සිය පිළිකුල සහ කෝපය පළ කර ඇති අතර ලොව ප්‍රකට මූල්‍ය සමාගමක් වන එස්එස්එල් මේ සම්බන්ධයෙන් මාධය මඟ හරිමින් ඇත.මේ තත්ත්වය නිසා ඕනෑම ගනුදෙනුවක් සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වන බවට ඇති නීතිමය කරුණ ද සැළකිල්ලට ගනිමින් හි එස්එස්එල් හී තාවකාලික කළමනාකරණය මූල්‍ය බලධාරීන් විසින් භාරගෙන ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...