බෝල්ට් හීයේ වේගයෙන් ඉපැයූ මුදලවලට බැංකුවෙන් විඳියි

දුන්නකින් හීයක් මුදවන අයුරු දැක්වීම උසේයින් බෝල්ට් සිය වේගය සමබන්ධයෙන් කළ හැඟවීම විය.ඒ් ආකාරයට සිය වේගයෙන් ඔලිම්පික් රන් පදක්කම් අටක් සහ ලෝක මලල ක්‍රීඩා රන් පදක්කම් 11 ක් දිනා ඇති බෝල්ට් ගේ නීතිඥයන් මේ මොහොත වන විට ඔහුගේ ස්ටොක්ස් ඇන්ඩ් සිකියුරිටීස් ලිමිටඩ් (එස්එස්එල්) හි ආයෝජන සමාගමක ගිණුමකින් ඩොලර් මිලියන 12.7 ට වැඩි මුදලක් අතුරුදහන්ව ඇති බව පෙන්වා දෙයි.
බෝල්ට්ගේ නීතීඥයෙකු වන ලින්ටන් ගෝර්ඩන් පවසා ඇත්තේ, ඩොලර් මිලියන 12.8ක් (ඩොලර් මිලියන 10.3ක්/€11.8ක්) තිබූ ගිණුමේ දැන් බෝල්ට් සතුව ඇත්තේ ඩොලර් 12,000ක් (£9,700/€11,100) පමණක් බවය.මේ සම්බන්ධයෙන් එස්එස්එල් වෙත දැණුම් දීමක් කර ඇති බෝල්ට්ගේ නීතිඥයන් දින 10ක් ඇතුළත මුදල් ආපසු නොදුන්නොත් සිවිල් සහ අපරාධ නීතීන් යටතේ ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්නා දී ඇත.
ජැමෙයිකාවේ මුදල් අමාත්‍ය නයිජල් ක්ලාක් ද මේ වන විට මේ සම්බන්ධයෙන් සිය පිළිකුල සහ කෝපය පළ කර ඇති අතර ලොව ප්‍රකට මූල්‍ය සමාගමක් වන එස්එස්එල් මේ සම්බන්ධයෙන් මාධය මඟ හරිමින් ඇත.මේ තත්ත්වය නිසා ඕනෑම ගනුදෙනුවක් සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වන බවට ඇති නීතිමය කරුණ ද සැළකිල්ලට ගනිමින් හි එස්එස්එල් හී තාවකාලික කළමනාකරණය මූල්‍ය බලධාරීන් විසින් භාරගෙන ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...