ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා: ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ ලෝකයේ අවප්‍රමාණය වූ මුදල් ඒකක පිළිබඳ දර්ශකය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇති බවයි.

එම දර්ශකයේ නවතම යාවත්කාලීනය අනුව ශ්‍රී ලංකාව ස්ථාන හතරක් පහළට පැමිණෙමින් අටවෙනි ස්ථානයට පත්ව තිබේ. ඉකුත් වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 45.62% කින් අවප්‍රමාණය වී ඇති බව එම දර්ශකය පෙන්වා දෙයි.

පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසු වූ අතර, පසුගිය වසරේ ජනවාරි 01 වැනි දා සිට මෙම වසරේ ජනවාරි 13 වැනි දා දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව 47.69% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබුණි.

ඒ අනුව පසුගිය දර්ශකයට සාපේක්ෂව නව දර්ශකයේ දී ශ්‍රී ලංකා රුපියල 2.07% කින් ශක්තිමත් වී ඇති බවයි දක්නට ලැබෙන්නේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...